Friday, December 30, 2011

කරාටේ සටන් කලාව


'කරාටේ' සටන් කලාව අද ලොව ප්‍රචලිතම සටන් කලාව ලෙස හැදින්විය හැකිය. විශ්වීය සටන් කලා ශිල්පීන් අතරින් වැඩිම ප්‍රතිශතයක් ගන්නේ කරාටේ සටන් ශිල්පීන් වේ.
එහෙත් අද බොහෝ බුද්ධිමත් සටන් කලා ගවේශකයන් සහ මෙයට උනන්දුවක් දක්වන්නන් මෙය "කරාටේ ද?" නැතහොත් "කරාතේ ද?" යනුවෙන් විමසයි. ඇතැමුන් මහා වාද විවාද පවා කරයි. දැන් මා මෙම සටන් කලාවේ පුරාවෘත්තය සමගින් ඔබට එම ගැටලුව නිරාකරණය කර දෙන්නම්.
මෙම මහා සටන් කලාවේ උත්පත්තිය සිදුවන්නේ ජපානයට අයත් 'ඔකිනාවා' දූපත්වලයි. මෙම දූපත පිහිටා ඇත්තේ ජපානයත්, චීනයටත් අතරමැදියවය. එමෙන්ම මෙම දූපතට චීන සංස්‌කෘතියේ අභාෂය සහ ජපන් සංස්‌කෘතියේ ආභාෂයද නො අඩුව ලැබී තිබේ. තවද, මෙම දූපත අතීතයේදී වාණිජ කටයුතු සදහා වැදගත් වූ හෙයින් ලොව පුරා වෙළදාමෙහි යෙදෙන වෙළෙන්දන්ගේ සහ සංචාරකයන්ගේ පාරාදීසයක් විය. ලොව විවිධ සංස්කෘතීන් මිශ්‍ර වුවත් ඔකිනාවා දූපතට ආවේනික වූ විශිෂ්ට සංස්කෘතියක්‌ තිබේ. කරාටේ සටන් කලාවේ උත්පත්තියට ලොව විවිධ සටන් ශිල්ප වල දායකත්වය ලැබුණු අතර ඉන් වැඩිම දායකත්වයක් සැපවූයේ චීනයේ ෂාඕලින් ආරාමයයි.
මෙම ඔකිනාවා දූපතෙහි වරක් සියලු සාමාන්‍යය වැසියන්ට  අවි ආයුධ භාවිතා කිරීම හා ලග තබා ගැනීම තහනම් කරන ලදී. එනමුත් ප්‍රභූ පැලැන්තියේ අය සහ රාජ්‍ය නිලදාරීන් දිගින් දිගටම සාමාන්‍ය අසරණ වැසියන් පෙලීම නිමිත්තෙන් අවි ආයුධ රහිත නව සටන් ක්‍රමයක දැඩි අවශ්‍යතාවයක් මතු විය. ඒ අනුව 'තේ' නැමැති නව සටන් ක්‍රමයක් ඔකිනාවාවල බිහි විය. මෙම 'තේ' සටන් ක්‍රමය අතිශයෙන්ම බිහිසුණු හා මාරාන්තික ආයුධ රහිත නිරායුධ සටන් ක්‍රමයක් විය. මෙම සටන් ක්‍රමයේ කෙල පැමිණි අය අතුරින් 'ෆුනා කෝෂි ජී චින්' ගුරුතුමා විශේෂ වේ. එතුමා වාසය කලේ 'ඩකීනෝවා' නම් නගරයේ වන අතර එම කාලයේදී මේ 'තේ' සටන් ක්‍රමයේ අති දියුණුතම අවදියක් විය. එකල මෙම සටන් ක්‍රමය හැදින්වුයේ 'ඩාකිනාවාටේ' යන නාමයෙනි. එතුමා විසින් එය තව තවත් වෙනස්කම්වලට භාජනය වූ අතර එතුමාගේ ගේ අභාවයෙන් පසුව එම සටන් ක්‍රමය 'කරාතේ' නමින් හදුන්වන ලදී. මෙහි තේරුම නම් 'හිස් අත' යන්නයි. 'තේ' සටන් ක්‍රමය මුල් අවදියේදී ප්‍රධාන ගුරු කුල 3කට බෙදී තිබුණි. ඒවා නම්,
1) ශෝරින් රියු (Shorin-Ryu)- පහරදීම සහ පහර වැලකීම යන දෙකම ප්‍රධාන කරගත් ගුරු කුලයකි. (Offensive & Defensive System)
2) ගෝජු රියු(Goju-Ryu)- පහරදීම ප්‍රධාන කරගත් ගුරු කුලයකි. (Offensive System)
3) ශිටෝ රියු(Shito-Ryu)- පහර වැලකීම ප්‍රධාන කරගත් ගුරු කුලයකි. (Defensive System)


මෙම ගුරු කුල අතරින් අති ප්‍රබලතම ගුරු කුලයක් වන 'ශෝරින් රියු (Shorin-Ryu)' ගුරු කුලය මෙම නව නාමය තැබීමට මුල් විය. එනම්, පාරිශුද්ධ 'කරාතේ' සටන් ශිල්පයට උරුමකම් කියන්නේ 'ශෝරින් රියු (Shorin-Ryu)' ගුරු කුලයයි. මෙම කරාතේ සටන් කලාව දීර්ඝ කාලයක් ඉතා රහසිගතව පැවති අතර ෆුනා කෝෂි ගුරුතුමාගේ 'ෂෝ-ටෝ කාන්' සම්ප්‍රදායත් සමගම මෙම මහා සටන් ශිල්පය ලොවට විවර විය. නමුත් ඔහුගේ එම සම්ප්‍රදාය තුල මාරක නිල ශාස්ත්‍රය, නිල වෙදකම වැනි මාරාන්තික කොටස් ඉවත් වී තිබුණි. තවද, මෙහි අඩංගුව ඇත්තේ non-contact හෙවත් තදින් පහර නොදීමේ ශිල්ප ක්‍රමයයි. ඒ කෙසේ නමුත් කරාතේ සටන් කලාවේ පියා ලෙස සැලකෙන්නේ 'ෆුනා කෝෂි ජී චින්' ගුරුතුමා වේ.
සැබැවින්ම කරාතේ සටන් කලාවේ අවි ආයුධ භාවිතා නොවේ. කරාතේ හි දී තම මුළු ශරීරයම  (Human Weapon/Human Stunt Gun) ආයුධ ලෙස ක්‍රියා කරයි. නමුත් පසුකාලීනව මෙයට අවි ආයුධ ද, එක් කරගන්නා ලදී. ඉන් විශ්වීය සටන් කලාවට නව ආයුධයක්ද එක් විය. එය 'නන්චාකු' වයි. පුරාණ ඔකිනාවා වැසියන් අසුන් එළවීම පිණිස අශ්ව කෙදි ලී පොලු 2ක් අතරට යොදා සාදාගත් උපකරණයක් වන මෙය පසුව මෙය මැදට දම්වැලක් යොදා කරාතේ වලට යොදා ගත්හ. ඉන් පසුව ලොව අනෙක් බොහෝ සටන් ක්‍රමයන් ද, මෙම ආයුධය එක් කරගන්නා ලදී. එනම්, ලොව ප්‍රසිද්ධතම සටන් ආයුධය වන 'නන්චාකුව' බිහිවීමේ පුර්ණ ගෞරවය හිමි වන්නේ කරාතේ සටන් කලාවටයි.
දැන් ඔබගේ අර ඉහත ගැටලුව විමසා බලමු. කරාතේ සටන් කලාව ලොව විවිධ රටවල ව්‍යාප්ත වූ අතර එයින් ඇමරිකාව, යුරෝපය හා ඔස්ට්‍රේලියාව යන රටවල් ප්‍රධාන වේ. මෙහි සිටින සුදු ජාතිකයන්ට සමහර වචන, විශේෂයෙන්ම ජපන් වචන උච්චාරණය කරගැනීමට අපහසුය. එම නිසා ඔවුන් 'කරාතේ' යන නාමය 'කරාටේ' යනුවෙන් උච්චාරණය කරන ලදී. අද ලොව කරාටේ සටන් කලාව වැඩිපුරම පවතින්නේ, එනම් වැඩිම කරාටේ සටන් ශිල්පීන් ගණනක් ඇත්තේ,
1) ඇමරිකාව
2) ඔස්ට්‍රේලියාව
3) ජපානය


යන අනුපිළිවෙලටය. මේ නිසා 'කරාතේ' යන නාමයට වඩා භාවිතා වන්නේ 'කරාටේ' යන නාමයයි. ශෝරින් රියු ශුරිකෙන් කරාටේ ශූර ශිහාන් ප්‍රභාත් ප්‍රියන්ත පෙරේරා මහතා පවසන අන්දමට මේ කුමන නාමය භාවිතා කරත් ඒ නාමයන් දෙකම නිවැරදි වේ. නමුත් මගේ මතය අනුව ඔකිනාවා දුපතෙන් බිහි වූ මෙම සටන් ක්‍රමයේ නාමය  'හිස් අත' යන තේරුම ගැනීමට යොදන්නේනම් එය 'කරාටේ' නොව 'කරාතේ' ම විය යුතු බවයි. එමෙන්ම එහි ඔකිනාවා වැසියන් අදටත් එය මෙම සටන් කලාව හදුන්වන්නේ 'කරාතේ'  යනුවෙනි. මෙම සටන් කලාවට තැබූ නමද එයය. එහියින්, 'කරාතේ' යන්න භාවිතා කිරීම වඩාත් තොචිත වේ.


කරාතේ සටන් කලාවේ ඉතිහාසය ඉතා දීර්ඝ වන අතර කාලයාගේ ඇවෑමෙන් විවිධ ගුරු කුල බිහි වී නව කරාතේ ශෛලියන් බිහි විය. මෙයින් 'ඔයාමා' ගුරුතුමාගේ 'ක්යෝකුෂින්-කායි' අති ප්‍රබල කරාතේ ශෛලියකි. මෑත කාලීන ඉතිහාසයේ බිහි වූ අති දක්ෂතම කරාතේ සටන් කරුවා ඔහු වේ.


කරාතේ සටන් කලාව අද දක්වාම නොනැසී පවතින නමුත් සැබෑ සටන් කරාතේ සටන් ශිල්පීන් මේ මහා ශාස්ත්‍රයට සිදු වී අති අපරාධය ගැන දුක් වෙයි. ඒ මන්ද, මෙම උතුම් සටන් කලාව අද බොහෝ දෙනා ක්‍රීඩාවක් බවට පමණක් පත් කර මෙය මාර්කට් කරන බැවිනි. බොහෝ විට, "පොල්ලක් ගත්ත ගමන් ඔය ඕන කලුපටිකාරයෙක් දුවනවා" යන්නෙන් කරාතේ සටන් කලාව සමාජයෙන් නින්දා ලබන්නේ එහෙව් වූ බත්බැලයන් නිසාවෙනි. ඊට අමතරව කිසිදු ප්‍රමිතියකින් තොරව ලොව පමණක් නොව ලංකාවේ පවා "නව කරාතේ ශෛලීන්"  යැයි කියමින්  කරාතේ සටන් කලාව නිසි අයුරින් නො හැදෑරු අය පුස්සවල් බිහිකරමින් කරාතේ සටන් කලාවට නිගා කරයි. එහෙත් ශිහාන් ප්‍රභාත් ප්‍රියන්ත, ශිහාන් නන්ද සිරිවර්ධන, මාස්ටර් වසන්ත සොයිසා වැනි සැබෑ කරාතේ සටන් ශිල්පීන් තවමත් ලංකාවේ සිටින්නේ සැබෑ සටන් කලා ගවේෂකයන්ගේ වාසනාවයටය. එමෙන්ම, අප ශිහාන් ප්‍රභාත් මහතාගේ Grand master වන Sir. Hanshi Tony Jackson මහතා විසින් ලොව කරාතේ සටන් කලාවට කරන සේවාව කියා නිම කල නොහැකිය. මේ නිසා මොහුට 'නයිට්' පදවියක්ද, හිමි වී ඇත.

විශ්වීය සටන් කලාවේ අති විශේෂ සංදිස්ථානයක් වන කරාතේ සටන් කලාවේ කෙල පැමිණි අයෙක් සැබැවින්ම අති විශිෂ්ට පුද්ගලයකු වේ.


ආකර්ශනීය කරාතේ සටනක් (tournament) නැරබීමට මෙය ක්ලික් කරන්න.


                       -සැකසුම: සටන් කලා ගවේශී ශෝරින් රියු (Shorin-Ryu)
                       (The page & blog owner of

යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.)






My Facebook address.

5 comments:

  1. ඔය ඔකිනාවා වල මිනිස්සුංගෙ අායුකාලය සාපේක්ව වැඩියි කියනවනෙ! මට මතක විදියට එ් අයගෙ සෞඛ්‍ය ප්‍රතිපත්ති නිසා!

    ReplyDelete
  2. සෞඛ්‍ය ප්‍රතිපත්ති නිසා පමණක්ම නොව, ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් නිසා. එය ඔවුන්ට උරුම වන්නේ බුදු දහමෙන් පෝෂිත කරාතේ ඇතුළු ඔකිනාවා සටන් කලාවන්ගෙන්.

    ReplyDelete
  3. ඔකිනාවන් ‍ටේ තවත් කොටස් තිබේ
    1 ඔකිනාවන් ‍ටේ
    2 ටැං ටේ
    3 ෂුරි ටේ
    4 නහ ටේ
    5 තොමරි ටේ

    එහෙම නේ ද?

    ReplyDelete
  4. ඔව්! නමුත් මම මෙහි විස්තර කර ඇත්තේ මුල් අවදියේ තිබු ප්‍රධාන සහ ජනප්‍රිය, ප්‍රබල කුලයන් පිලිබදවයි. වර්තමානයේ ඔකිනාවා කරාතේ බෙදී ඇති ප්‍රබේදයන් කියා නිමකල පවා නොහැක.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete