Wednesday, May 9, 2012

ආයුබෝවන් ඔයාල හැමෝටම!!!

ඔන්න එහෙනම් මම යන්තම් වේලාව හොයාගත්ත ඔයාලට මම දුන්න පොරොන්දුව ඉටු කරන්න. මේක කියවන්නත් කලින් මේ පින්තූරේ දැක්කම ඔයාලගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා නේද? මුන් නිකන් බැලුම් බෝල වගේ ඔලුවෙන් හිටගෙන පාවෙනවා නේද?? ඔයාල දැන් හිතනවා ඇති එහෙනම් මේක මේ එඩිට් කොරපු පින්තූරයක් කියල. නෑ නෑ... මේක ඔරිජිනල් එකක්. මේ තමයි 'කපුවේරා' සටන් කලාවේ මහිමය.

හුගක් උදවිය මේ කපුවේරා සටන් කලාව ගැන උනන්දු වෙන්නේ ටෝනි ජා රඟන 'Protector' film එකේ ටෝනි ජා සහ ලතීෆ් ක්‍රව්ඩර් අතර පන්සලේදී පැවති සටනෙන් පස්සේ. මතකය අවදි කොරගන්න එහෙනම් මේකෙත් බලල ඊට පස්සේ ආයේ කියවන්න ගන්නකො....

Link to the video : http://www.youtube.com/watch?v=WK53_rSOjEw

මේක බලපු හුගක් උදවිය කිව්වේ ලතීෆ් ගහගන්නේ හිප් හොප් ඩාන්සින් වලින් කියල. ලතීෆ් එකේ ජාගෙන් කෑවට මිනිහ ජාටත් වඩා වැඩර් කියල තවත් උදවිය කිව්වා. හුගක් අය දණිස්ස උස්සල, වැලමිටෙන් ගහල ටෝනි ජාව කොපි කරත් ලතීෆ් කොපි කරන්නවත් කාටවත් බැරි උනා. කොහොම නමුත් පස්සේ කස්ටිය දැනගත්ත ලතීෆ් ගහගන්නේ හිප් හොප් ඩාන්සින් වල උත්පත්තියට පවා හේතු වන කපුවේරා සටන් කලාවෙන් බව. අද ඔය හුගක් දෙනා 'බී බෝයි' කියල හිප් හොප් කියල බල්ටි දෙක තුනක් ගැහුවට එයාල උනත් දන්නේ නෑ හිප් හොප් ඩාන්සින්වල ඇරබුම කොතනද කියල. ඔන්න එහෙනම් දැන් රියල් හිප් හොප් ඩාන්ස් එකකුත් බලන්නකෝ.

Link to the video :http://www.youtube.com/watch?v=37pwbUp8t1I

නමුත් ඔයාලට කියන්න ඕනේ මේ 'බී බෝයි හිප් හොප් ඩාන්සින්' කියන්නේ සටන් කලාවක් නොවන බව. කිසිදු ලෙසවත් එය සටන් කලාවක අභිලාශ ඉටු කරගන්න භාවිතා කරන්න බෑ. නමුත් කපුවේරා වලින්  'බී බෝයි හිප් හොප් ඩාන්සින්'  බිහි වෙන්නේ හරියට නිකන් ඔකිනාවා කරාතේ වලින් ස්පෝර්ට් කරාටේ වෙන් උනා වගේ තමයි. මීට අමතරව සම්බා, සුම්බා, රම්බා වගේ නර්තන කලාවන් බිහි වෙන්නෙත් 'කපුවේරා' සටන් කලාව ආශ්‍රයෙන්.

Link to the videos : http://www.youtube.com/watch?v=DUT5rEU6pqM
                                   http://www.youtube.com/watch?v=hekOeiA29qg&feature=related
                                   http://www.youtube.com/watch?v=1G1AkJ-97ng
                                   http://www.youtube.com/watch?v=slfr9uwzLOM

දැන් ඔයාලට මේ වීඩියෝස් බලනකොට තේරෙන්න ඇති මේ නර්තන කලාවන් අනුරාගය අවුස්සන සුළු බව. ඒ අනුව බලන කල්හි කපුවේරා සහ එයින් නිර්මාණය වුණු නර්තන කලාවන් නිකන් අහසට පොලොව වගේ. මොකද මං එහෙම කියන්නේ 'කපුවේරා' සටන් ශිල්පීන් එම සටන් ශිල්පය හදාරන්නේ ඉතාමත් පූජනීයව. ඔවුන් ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම සදහා 'රොඩා' කියල එකක් කරනවා.

Link to the video : http://www.youtube.com/watch?v=jkf0M2GQANU&feature=related

කපුවේරා ශිල්පීන් මෙම රොඩාවට ඒ සදහාම සුවිශේෂිත වූ සංගීතයක් යොදාගන්නවා. අද හුගක් නයිට්ස් ක්ලබ්ස්වල ඒ සින්දු රීමික්ස් කොරල හිටන් මොකක්ද කැඩිච්ච කඩියෝ වගේ නැටුවට සැබෑ කපුවේරා ශිල්පීන් ඔවුන්ගේ රොඩා නැටුමට අවශ්‍යය ජවය ලබා ගන්නේ එම සංගීතයෙන්.

Link to the video : http://www.youtube.com/watch?v=fsPNbvHIql0

ඔන්න ඔය වීඩියෝ එක ඇවිල්ල බොහොම ඉස්සර කා අතරත් ජනප්‍රිය වුණු කපුවේරා චිත්‍රපටයක් වන 'ඔන්ලි ද ස්ට්‍රොන්ග්' එකෙන් තමා. අදටත් ඔයාල ඒක බැලුවොත් ඔයාලට කපුවේරා ගැන මාර කික් එකක් එයි. ඔයාල හිතන්න පුළුවන් ඒ කැමරා ට්‍රික්ස් කියල. නමුත් මේ වීඩියෝ එකත් බැලුවහම ඔයාලට තේරෙයි සැබෑ කපුවේරා සටන් ශිල්පීන් ඉදිරියේ කැමරා පවා හොල්මන් වෙන බව.

Link to the video : http://www.youtube.com/watch?v=Z8xxgFpK-NM

 කවුරුහරි මගෙන් ඇහුවොත් ලෝකයේ ලස්සනම මාර්ෂල් ආර්ට් එක මොකක්ද කියල මම දෙන උත්තරේ තමයි ඒ 'කපුවේරා'. නමුත් කපුවේරා කොච්චර ලස්සන උනත් ඒ ලස්සන පිටිපස්සේ විශාල මාරාන්තික බවක් ගැබ්වී තිබෙනවා.

Link to the video : http://www.youtube.com/watch?v=Gw4EoWi5QSM

මේ වීඩියෝ එක අනුව ලොව HIGHEST RATIO KICK එක, එහෙමත් නැත්නම් විශාලතම අනුපාතික පා පහර ඇති සටන් කලාවේ ගෞරවය හිමි වන්නේ කපුවේරා වලට. මේකේ ඉන්න කපුවේරා ෆයිටර් ඇවිල්ල 'ලතීෆ් ක්‍රව්ඩර්' ට අවුරුදු විසි පහකටත් වඩා තම සටන් කලාවේ අත්දැකීම් තියෙනවා. දැනට ප්‍රසිද්ධියට පත්වූවන්ගෙන් ලොව දක්ෂතම කපුවේරා ෆයිටර් තමයි මෙයා.

'කපුවේරා' සටන් කලාවේ ප්‍රධාන වශයෙන් කික්ස් ගැන කතා කරත් එම සටන් කලාවේ අත් පහරවල්, සහ ආයුධ සටන් ගැන කතා වෙනවා. කපුවේරා සටන් කලාවේ පාද හුවමාරු ක්‍රමය හදුන්වන්නේ 'ජින්ගා' නමින්. එය කපුවේරා වලටම පමණක් ආවේනික වන අතර එය ලොව අනෙකුත් කිසිදු සටන් කලාවක දක්නට ලැබෙන්නේ නෑ.

දැන් අපි පොඩ්ඩක් බලමු කපුවේරා වල ඉතිහාසය ගැන.

ඉංගිරිසියෙන් 'Capoeiraකියල තමයි ලියන්නේ. නමුත් ඕක අපි සිංහලෙන් කියන කොට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 'කපුවේරා' කියල. තවත් සමහරු ඕකට 'කපේරා' කියලත් කියනවා. ඒත් ඉතින් බලාන ගියාම ඕකට ඉතින් ඇත්තටම කියන්න ඕනේ 'කැ‍පොයිරා' කියල තමයි ඉතින්. ඒකේ තේරුම ඇවිල්ල DANCE OF WAR ඒ කියන්නේ 'යුධ නර්තනය' කියන එක. මේ ආර්ට් එකේ නිජබිම ඇවිල්ල බ්‍රසීලය. මේ සටන් කලාව නර්තනය සහ සංගීතය සමග බැඳිලයි පවතින්නේ. මේ සටන් කලාව පැවත එන්නේ අප්‍රිකානු වහලුන්ගෙන් සහ බ්‍රසීලියානු වැසියන්ගේ ආභාෂයෙන්. ඉතිහාසයේ සාක්ෂි අනුව මෙම සටන් කලාවේ ආරම්භය දහසය වන සියවස දක්වාම දිවයනවා. මෙම සටන් කලාවේ ප්‍රධාන ලක්ෂණ තමයි වෙඩි වගේ විවිධ පිනුම්, පැනුම්, කරණම් වැනි  සංකීර්ණ චලන අඩංගු වීම. ඒ වගේම තමයි මේකේ ප්‍රධාන මුලධර්ම තමයි ජවය, වේගය සහ පහර දීම, පහර වැලකීම සහ පාද හුවමාරුව සඳහා  උත්තෝලනය යෙදීමෙන් ලැබෙන බලය ප්‍රයෝජනය ගැනීම. (මේ උත්තෝලනය ප්‍රධාන වශයෙන්ම ලබාගන්නේ 'ජින්ගා' වලිනි.)

මෙම සටන් කලාවේ එල්ලය ඇවිත් පා පහරවල්, මුෂ්ටි පහරවල්, කනේ පහරවල්, හිසෙන් පහරදීම්, කරණම් ගැසීම්, වෙට්ටු දැමීම්, දණහිස්/වැලමිටි පහරවල් හා  බිම වැට්ටීම් යන එව්වා තමයි.

කැපොයිරාවල නිර්මාතෘවරයා විදියට පිළිගන්නේ 'මෙස්ට්‍රේ බිම්බා' කියල පුද්ගලයෙක්. 'මෙස්ට්‍රේ' කියන්නේ බ්‍රසීලියානු භාෂාවෙන් 'මාස්ටර්', 'ගුරුතුමා' කියන එකට. එයා උපත ලබන්නේ 1899. නමුත් ඊට කලින් 1825 දී 'Johann Moritz Rugendas' චිත්‍ර ශිල්පියා ඇඳපු චිත්‍රයක 'කැපොයිරා' සටනක් නිරූපනය කරලා තියෙනවා.

පසුකාලීනව බිහිවුණු ප්‍රසිද්ධ දක්ෂ කැපොයිරා ෆයිට්‍ර්සලා තමයි

João Grande
João Pereira dos Santos (Mestre João Pequeno)
Anderson Silva
Lateef Crowder
Eddy Gordo 

වගේ අය. ඔයාල හොදට බැලුවොත් පේනවා දැන් UFC MMA RING එක හොල්ලන් ඉන්න Anderson Silva ත් ඇවිත් නොම්බර එකේ කැපොයිරා ෆයිට්ර් කෙනෙක් කියල. මේක දැන් දැනගත්ත MMA උඩදාගෙන, HIGH KICKS ARE NOT EFFECTIVE IN A REAL FIGHT SITUATION කියල කියාගන්න පොල් අඩි ෆයිටර්ස්ලට තරු විසික් වෙන්න ඇති නේද? මට එහෙම අයට කියන්න තියෙන්න මෙච්චරයි. මෙහෙම කියලත් මං කියන දේ නොපිළිගන්න උදවිය ඉන්නවනම් කරුණාකරලා මාත් එක්ක වාද කොර කොර, අන්තිමේට ඒ වාදයෙන් පැරදිලා මට චැලේන්ජ් කොරන් නැතුව ගොහින් රියල් කපුවේරාකාරයෙක් එක්ක හැප්පිලා බලහන්කො මොකද වෙන්නේ කියල. තමන්ට දෙයක් බැරි උන පලියට ඒක හරි නෑ කියන එක කොයිතරම් කැත වැඩක්ද? මං ඒ කාලේ කුන්ග් ෆු ක්ලාස් යන කාලේ කකුල් දෙකෙන්ම උඩ පැනලා ගුවනේ ඩබල් කික් එකක් ගහන්න පුළුවන් උනේ මට විතරයි මුළු ක්ලාස් එකෙන්ම. අදටත් මං ඒක ගහනවා. නමුත් එදා ඒ කික් එක ගහපු වෙලාවේ මාත් එක්ක හිටපු මගේ සමගාමී සීනියර් උන්නැහේ කිව්වා 'ඔව්වා ඇත්ත ෆයිට් එකේදී දාන්න බෑ බං' කියල. ඕක  ඉතින් මගේ ඔලුවේ දිගටම වැඩ කොරා. අරුත් අරෙහෙම කීවට මගෙන් ටෙක්නික් එක අහගත්තා. නමුත් ඒක එදා ඌට කොරන්න බැරි උනා. මූ පස්සේ ගෙදර ගොහින් ඒක දිගට හරහට ප්‍රැක්ටිස් කොරල මෙන්න යකෝ ග්‍රේඩින්ග් එක දවසේ ඒක මටත් වඩා හොදට ගැහුවා. මම ඉතින් ගොනා වගේ උගේ කීම අහල ඒ කික් එක මගේ ඔලුවෙන් අයින් කොරපු නිසාදෝ කරුමෙටම මට එදා ඒ කික් එක ගහගන්න බැරි උනා. අනිත් උන්ටත් පුදුමයි ඒක දැකල. නමුත් එදා මං හොද පාඩමක් ඉගෙන ගත්ත. ඒ මොකක්ද දන්නවද? මේ සටන් කලාව ඇතුලෙත් කුහක හැත්ත ඉන්නවා කියල. එක බත්පත බෙදාගෙන කාලා ප්‍රැක්ටිස් කොරන යාලුව උනත් ඌට බැරි දෙයක් කරොත් ඒක අගය කොරන්නේ නෑ. වැඩක් නෑ, හරි නෑ කියල අරව මෙව්වා කියනවා. නමුත් ඌට එව්වා පුළුවන් දාට එව්වා තම සුපිරිම. ලොවෙත් නෑ නෙහ්??? ඕන් ඔන්න එදායින් පස්සේ මං මාස්ටර් දෙයක් (සටන් කලාව හා සම්බන්ධ) එපා කිව්වත් ඒ දේ මට ෆීල් වෙනවනම් මං ඒක ප්‍රැක්ටිස් කරන්න, යූස් කරන්න පටන් ගත්ත. දැනටත් මම එහෙමයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් DEMONSTRATE  කොරල පුළුවන් යම් ටෙක්නික් එකක අඩු පාඩු පෙන්වල දෙන්න. හයි කික්ස් වල අඩු පාඩු උනත් එහෙම DEMONSTRATE කොරල පෙන්වන්න පුළුවන්. නමුත් ඇත්ත සටනේදී ඔය කතාව වෙනස් වෙනවා. වරක් මිරාන් සර් මට කිව්වා 'මාර්ෂල් ආර්ට් එකේ ඇඩ්වාන්ස් කියල දෙයක් නෑ, තමන් දන්න ටික හරියට ප්‍රැක්ටිස් කරන්න' කියල. මටත් ඔයාලට කියන්න තියෙන්නේ එච්චරයි. කවුරු මොනා කිව්වත්, අඩුම තරමේ තමාගේ මාස්ටර් උනත් මොනවා කිව්වත් යම් මාර්ෂල් ටෙක්නික් එකක් ඔයාට ෆීල් වෙනවනම් ඒ දේ හරි. ඒක නොනවත්වා දිගින් දිගටම පුහුණු වෙන්න.

ඔන්න බලන්නකෝ MMA කාරයෙක් Capoeira කාරයෙක්ගෙන් නස්පුක් වෙන්න කන කෑම.


හොඳි ඕන් නෑ නෙහ්??? :D

මොනවා උනත් අනෙක් බොහොමයක් සටන් කලාවන් වගේම Capoeira කියන්නෙත් RING SPORT එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න ඕනේ හරිය??? එවක අප්‍රිකානු ජාතිකයන් මෙම සටන් ක්‍රමය යොදා ගත්තේ තමන්ට දිගින් දිගටම ආ ගැහැටවලින් බේරීම සඳහා. බොහෝ විට Capoeira සටන්කරුවන් දෙදෙනෙක් සටන් වැදුණු අවස්ථාවලදී එම සටන් කෙළවර වුනේ එක් අයෙකුගේ හෝ දෙදෙනාගේම මරණයෙන්. බොහෝ විට ඔවුන් එම සටන් සඳහා කෙටි කඩු යුගලයක්ද භාවිතා කර තිබෙනවා. මෙන්න මේ ONLY THE STRONG movie එවන් දරුණු සටනක් නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.


හොඳයි. දැන් මං මගේ මේ ලිපිය අවසාන කරන්න යන්නේ. ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. මගෙන් හුඟ දෙනෙක් අහනවා ලංකාවේ Capoeira කරන කෙනෙක් ඉන්නවනම් එයා ගැන සඳහනක් කරන්න කියල. ඇත්තවශයෙන්ම කියනවනම් ලංකාවේ Capoeira කරන කෙනෙක් ඉන්නවා. එයාගේ නම මට මතක නෑ. මම එයාව මුල්ම වතාවට දැක්කේ 'දෙරණ' රූපවාහිනී නාලිකාවෙන්. ඊට හුඟ කලකට පස්සේ පිට පිටම ITN එකේ විකාශනය වන 'වෙනස' වැඩසටහනෙනුත් දැක්ක. එයාලගෙන් අහල බැලුවොත් ඔයාලට එයා ගැන වැඩි විස්තරයක් දැනගන්න ලැබෙයි. නමුත් මට වගකියන්න බෑ එයා ගාව ඇත්ත Capoeira තියෙනවද? නැද්ද? කියල. ඒක ඉතින් ගිහිල්ලම බලන්න. යන්න කලින් ඒ සම්බන්ධ යම් විස්තරයක් වෙතොත් අපට දන්වන්න!

ඔන්න ඉතින් කපුවේරා සටන් කලාව සම්බන්ධයෙන් මුළු ලෝකයෙන්ම පළමු වතාවට හා දැනට එකම පලවන විස්තරාත්මක ලිපිය තමයි මං මේ ලියල ඉවරවෙන්නේ.. මේක මේ කියවනවා වගේ නෙමෙයි. ලියන එක පට්ට අමාරුයි. දින ගාණක් ගියා මේක ලියන්න මට. ඉතින් මේ තරම් දෙයක් කරපු මට මේකට අඩුම තරමේ ලයික්ස් පනහක්වත් වැටෙනවනම් මං ගොඩාක් සතුටු වෙනවා.

ජය ශ්‍රී!!!!


~Shorin-Ryu

*මෙම ලිපියේ සම්පූර්ණ කතෘ අයිතිය Shorin-Ryu (http://www.facebook.com/shorin.ryu2?ref=ts) වන මා සතු වන අතර මෙහි සදහන් සියලු කරුණුවල වගකීම 100% ක්ම මා සතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් අපගේ කණ්ඩායමේ අන් කිසිදු ඇඩ්මින්වරයෙකු වගකියනු නොලබයි. තවද, FB SHARING හැර වෙනත් කිසිදු අයුරකින් අනවසරයෙන් මෙම ලිපිය පලකිරීම සපුරා තහනම්ය!!!!

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!! 
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

VISIT OUR BLOG SITE AND YOUTUBE CHANNEL AS WELL!
http://thetruthbehindthemartialart.blogspot.com/
http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee

Sunday, April 29, 2012


කික් බොක්සිං

එල්ලය : තදින් පහරදීම (Full-contact)

සම්භවය ඇතිවූ රට : ජපානය

නිර්මාතෘවරු : ඔසාමු නොගුචි
තත්සුඕ යමාඩා

පිතෘත්වය : බොක්සිං මෙන්ම, මුයේ තායි, කියෝකුෂින් කරාතේ සහ බුරුම
බොක්සිං ඇතුළු විවිධ ආසියානු සටන් කලාවන් වෙතින්
ව්‍යුත්පන්න කරගත් පහරදීම්.

පසිඳු නියුක්තකයන් (Legend) : ටොෂියෝ ෆුජිවාරා (ජපානය), ෆ්‍රෙඩ්
රොයර්ස් (නවසී), රොබ් කාමන් (නවසී), පීට්
කනිංහැම් (කැන), පිටර් එයර්ට්ස් (නවසී),
අර්නස්ටෝ හූස්ට් (නවසී), රෙමී බොන්ජස්කි
(නවසී), රාමොන් ඩෙකර්ස් (නවසී)



මෙය විවිධ යුධ කලා ආකාරයේ පා පහරවල් හා බටහිර බොක්සිං ආකාරයේ අත් පහරවල් යොදා ගෙන සම්මත බොක්සිං ක්‍රීඩාවට සමාන ආකාරයකින් ප්‍රතිවාදීන් පරදන ක්‍රීඩාවකි. සම්මත ක්‍රීඩාවක් වන මෙය එක් ක්‍රීඩකයකු හෝ බිම පතිත වූ විට තව දුරටත් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නො‍දේ.
කික් බොක්සිං සාමාන්‍යයෙන් සාමාන්‍ය ‍ශාරීරික යෝග්‍යතාව සඳහා හෝ පූර්ණ ‍ස්පර්ශ ක්‍රීඩාවක් [තදින් පහරදීම (Full-contact)] ලෙස පුරුදු වේ. පූර්ණ ස්පර්ශ ක්‍රීඩාවක් ලෙස භාවිතයේ දී පිරිමි තරඟකරුවන් කික් බොක්සිං කලිසමකින් මුව ආවරණයක් අත් වෙළුම් 10oz බොක්සිං අත් වැසුම්, ඉකිලි ආවරණයක් , පපු ආවරණ, කික් සපත්තු ඇතුළත් ආරක්ෂාකාරී අංගවලින් ද අතිරේක ආරක්ෂාකාරී හෙල්මටයකින් ද (සාමාන්‍යයෙන් 18ට අඩු ක්‍රීඩකයන් සඳහා) සැරසී සිටී. ගැහැණු තරඟකරුවන්, පිරිමි තරඟකරුවන්ගේ ඇඟලුම් හා ආරක්ෂාකාරී අංගවලට අමතරව ආරක්ෂාකාරී උඩු කය ආවරණයකින් යුක්ත වේ.
කික් බොක්සිං සාමාන්‍යයෙන් තායි බොක්සිං ලෙස හඳුන්වන මුයේ තායි මඟින් ව්‍යාකූල වේ. ක්‍රීඩා දෙක සමාන වන නමුත් තායි බොක්සිං හිදී බඳ පටියට පහළින් වූ පා පහරවල්වලට ඉඩ ලබා දෙන අතර දණහිස හා වැලමිටිවලින් කෙරෙන පහර දීමවලට ද ඉඩ ලබා දේ.
කික් බොක්සිං ලෙස හඳුන්වන බොහෝ ක්‍රම ශිල්ප ඇත. ඒවාට ජපාන, ඇමරිකානු, ඉන්දියානු, බුරුම කික් බොක්සිං ඇතුළත් වන අතර ප්‍රංශ සැවේට් ද ඇතුළත් වේ. වර්තමානයේ දී කික් බොක්සිං යන වදන විකෘති වී ඇති අතර බොහෝ විට ජපාන හෝ ඇමරිකානු ආකාර සමඟ යෙදේ. අනෙකුත් ආකාර බොහෝමයක් ඒවා කික් බොක්සිං ලෙස නොසලකන නමුත් මහජනයා සියලු මාර්ෂල් ආර්ට්ස් හැඳින්වීමට ‍එම වදන යොදා ගනු ලැබේ. කික් බොක්සිං යන වදන ජපාන ජාතික බොක්සිං වර්ධනය කරන්නෙකු වූ ඔසාමු ‍නොගුජි විසින් ඔහු විසින් නිර්මාණය කරන ලද මුයේ තායි හා කරාතේවල වෙනස් ආකාරයක් හැඳින්වීමට 1950 දී නිර්මාණය කරන ලදී. එම වදන පසුව ඇමරිකානු ආකාරවල දී යොදා ගනු ලැබීය. එම ආකාර දෙකේ පුහුණුවන්නන් විසින් භාවිතා කරන අතර එය වෙන වෙනම එම ආකාරවලට යෙදේ.

මේ කතාව ඇත්තනම්, මේ වීඩියෝ එකත් බලලා මේක ඔයාලගේ යාලුවන්ටත් කියන්න. ඔයාලා දන්න දේත් අපිට කියන්න.

Link to the video : http://www.youtube.com/watch?v=iTYjTvwOC6M

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.


නින්ජිට්සු



නිෂ්ශබ්දතාවයෙන් යුතු පරිසරයකට යන්න. විශාල ශබ්දයන් අතහරින්න. ඉතා සියුම් ශබ්ද වලට සවන් දෙන්න. කුඩා පළඟැටියන්, කුඩා කෘමීන් දහස් ගණනකගේ හඬ ඔබට ඇසෙන්නට පටන් ගනීවි. ශබ්ද දහසක හඬක් ඔබේ මනස උත්පාදනය කරාවි. ඉතා සියුම් ශබ්දයක් ඈතින් එන අයකුගේ කුඩා ශබ්දයක්, ඈතින් එන අයෙකුගේ කුඩා ශබ්දයක්, පිය සටහනක් ඔබේ මනසින් අවබෝධ කරාවි. දුර ප්‍රමාණය, පුද්ගලයාගේ ස්වභාවය, එය ඔබට උගන්වාවි.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.........

නිශ්චල ප්‍රදේශයක අර්ධ පද්මාසනයෙන් වාඩිවෙන්න. මනස නිශ්චල කරගන්න. මුළු ශරීරයෙන්ම සුළඟේ වෙනස් වීමට සංවේදී වන්න. එතාම සුළු සුළඟේ වෙනස් වීමක් පවා ඔබ දකින්නට පටන් ගනීවි. ඉතාම කුඩා සුළං අංශුවකටත් සංවේදී වන ඔබේ මනස ඔබව නින්ජාවරුන්ගේ ලෝකයට කැඳවාගන යාවි. ඉතාම සුළු වායු අංශුවක් සමඟ ඔබේ දිවිය පුහුණු කරන්නේ නම් ඈතින් සුලං කපාගෙන එන පිහියක්, ඊයක් අල්වා ගැනීම, ඉවත්වීම සිදුවේවි.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.........


ජපානයේ සුප්‍රසිද්ධ සටන් කලාවක් ලෙස ගැනෙන නින්ජිට්සු කලාවේ ආරම්භය වනුයේ ජපානයට පැමිණි චීන අනාථයින් ය. තැන් තැන් වල කුලීකරුවන් සේ ජපාන ප්‍රභූ පන්තියට යටත්ව විවිධ වාසස්ථාන පිහිටුවා ගත් ඔවුන්ට ජීවත් වීම උදෙසා විවිධ ක්‍රියාකාරකම් කිරීමට සිදුවිණි. චීන සටන් කලාවේ (වූෂු නැතහොත් කුංග්ෆූ - Wushu or Kungfu) හි දක්ෂයන් ද මෙම අනාථයින් අතර විය. ජපානයේ විවිධ පෙදෙස් වල චීන අනාථයින් සිටින ස්ථාන බිහි විය.



සුප්‍රසිද්ධ ජපන් සමුරායිවරුන් ජපාන සමාජය තුළ රණකාමීත්වයේ
ආධිපත්‍යය දැරීය. ඉහළට දැමූ පිදුරු මිටියක් බිමට වැටුනේ කැබලි කිහිපයකට වෙන් වෙමිනි. තමන් විසින්ම නිර්මාණය කර බල පිහිට වූ සමුරායි කඩුව (Samurai Sword) මතට උඩ සිට අතහරිනු ලැබූ සිල්ක් රෙද්දක් කැපී වෙන් වීම ඇවැසි විය. මෙවන් කඩුවක් අතදැරූ සමුරායිවරුන් සමඟ සටන් කිරීම ඉතාම අනතුරුදායක ක්‍රියාවක් විය. සමුරායිවරුන්ගේ කඩුව එළියට ඇදුනේ ලේ නොගෑ‍වී ආපසු නොදැමෙන අයුරිනි.





ආදී ජපන් ප්‍රභූවරුන්ට මෙම සමුරායිවරු සමඟ ඇති වූ ගැටුම් වලදී සටන් කිරීමට චීන අනාථයින් කුලියට ගැනීමට අවශ්‍ය විය. මෙම කුලියට ගැනීමට සිටි චීන අනාථයා චීන සටන් කලාවේ දක්ෂයෙකු පමණක් නොව අනුන්ගේ දේශයක් සැඟවී සටන් කරන්නෙකු බවට පත් විය. එසේම රණකාමී පරිසරයක් විසූ ඔවුනට සතුරෝ බොහෝ වූහ. සැඟවී සිට පහර දීම-ප්‍රධාන සටන් ක්‍රියාමාර්ගය විය. සටන් කලාවේ (Martial Art) ගරිල්ලා සටන් කලාව (Guerrilla Martial Art) ලෙස නින්ජිට්සු හැඳින්විය හැකි ය.

හඳුනාගත නොහැකි-ඇස් පමණක් දෘෂ්‍යමාන වන ඇඳුම, ශරීරය පුරා රඳවා ඇති තරු, කිනිසි, කාසි, විෂ පෙවූ පිහි, දුම් බෝම්බ, ලණු කැරළි, ගස් නැඟීමේ උපකරණ, තාප්ප බිඳ දැමීමේ උපකරණ,ගංගා තරණය කිරීමේ උපකරණ, ආහාර ආදී බොහෝ දෙයින් සමන්විත විය.

අඳුර වැටීමත් සමඟ ක්‍රියාත්මක වීම, ශබ්දය වෙනුවට නිහඬබව පාවිච්චි කරීම, සමුරායිවරුන්ගේ මුහුණට මුහුණ ලා සටන් කිරීම වෙනුවට සැඟවී-ප්‍රතිවාදියා නොදැන විනාශ කිරීම නින්ජාවරුන්ගේ ප්‍රධාන මාර්ගය විය.



නින්ජාවරයෙකු බවට පත් කරනු ලබන අයෙකු කුඩා කල සිටම එයට පුහුණු කරනු ලැබේ.



1. ස්වභාවික පරිසරයේ හැඩතල අධ්‍යනය කිරීම සහ එහි හැඩතල වලට අනුව ශරීරයේ ඉරියව් සැකසීම මත නොපෙනී යාම.

2. කුඩා දරුවා ඉපදී ටික කලකට පසු ගසක අත්තක එල්වා තබනු ලැබේ. දරුවාට තම අත් වලින් පැය ගණනක් නිහඬව ගසක එල්ලී සිටීමට උගන්වනු ලැබේ. ගස් වල අතු අතර සෙමින් ගමන් කිරීමට ද ගසින් ගසට නිශ්චලව මාරුවීමට ද, ගසෙහි දෙපයින් එල්ලී ආයුධ පාවිච්චි කිරීමට ද, ගසෙහි යට සිට ඉහළට උඩු අතට ගස් නැගීමට ද උගන්වනු ලැබේ.

3. පිදුරු වලින් සෑදු තොප්පියක් පපුවට තබාගන සෙමින් දිවයාමට (Silent Running) පුහුණු කරවනු ලැබේ. ඇඟිලි තුඩු වලිනි දිව යන මෙම දිවීමෙදී ඉදිරියෙන් එන සුළං පහරින් පිදුරු තොප්පිය බිම නොවැටිය යුතු වෙයි. සටනකින් පසු මෙසේ නිහඬව සැතපුම් 20 ක් පමණ දිවයාම නින්ජාවරුන්ගේ පුහුණුවකි.

4. මනස ඉතා කුඩා දේවල් සමඟ පුහුණු කිරීම - වායු අංශු - කුඩා ශබ්ද සමඟ පුහුණු කිරීම ඉතාම කුඩා කල සිට හුරු කරවනු ලබේ. මෙය සාමාන්‍ය මිනිසෙකු නොලබන අධි සංවේදීතාවයකි.

5. ස්වසන අභ්‍යාස (Qing Qigong) මගින් වඩා ඉහළ පැනීමේ හැකියාව - තාප්ප මතට, වහලවල් මතට පැනීමේ හැකියාව කුඩා කල සිට පුහුණු කරවනු ලැබේ. මේ සදහා ඌරු ලේ සහ විෂ නැසූ ඊයම් පතුරු භාවිතා කරනු ලබන අතර අති දුෂ්කර ව්‍යායාමයකි.

6. නින්ජාවරුන්ගේ කඩුව - චීන චීන කඩුවට වඩා වෙනස්ව හසුරුවනු ලැබේ. විවිධ ආයුධ හැසිරවීම - අති මහත් ප්‍රවේගයකින් කාසි දමා ගැසීම - සුළං පිඹීම මගින් විෂ කැවූ පිහි සිය ගණනක් ප්‍රවේශ කිරීම - දුම් බෝම්බයත් සමග ආයුධ හැසිරවීම, නොපෙනී යාම ඒවා අතර වෙයි.

7. පොළොව මත විවිධ ආකාරයෙන් ගමන් කිරීම් - කරණම් ගැසීම් - (මකුළුවාගේ ගමන, වඳුරාගේ ගමන, මාළුවාගේ ගමන) හුරු කරවනු ලබයි. විවිධ රේඛාවන් මත දෑත් ස්පර්ශ නොවන සේ ඉතා කුඩා - ලිහිල් දේවල් මතින් කරණම් ගැසීමද හුරු කරවනු ලැබේ.

8. දරා ගැනීමේ හැකියාව - ස්වසනය රහිතව බොහෝ වෙලාවක් සිටීම - පොළොව යට කැපූ වලවල් තුළ සිටීම - කුඩා කල සිටම ජලයෙහි මාළුවෙකුගේ සේ සජීවීව ශාරීරික පුහුණුව ලබා දීම සිදු කරනු ලබයි.





මෙසේ බොහෝ දුෂ්කර ක්‍රියාවලියක් වන නින්ජාවරුන් පිළිබඳ විවිධ ජනප්‍රවාද බිහි වී තිබේ. එමෙන්ම නූතනයේ චිත්‍රපට කර්මාන්තය තුළ නින්ජාවරයා අපරාධ කරුවන්ගේ ගණයට ඇතුළත්ව තිබේ.

ජපානයේ තිබූ තාඕ දහම (Daoist Doctrine), ෂින්ටෝ නැතහොත් විවිධ ආගම් මෙම නින්ජිට්සු කලාවට බලපාන ලදී. අධ්‍යාත්මික වශයෙන් විශ්වයීය ස්වරූපය තුළ (Universal Nature) තම දිවිය පුහුණු කරවීම සිදු කෙරිණි.

නින්ජාවරුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සිදුවෙයි. මෙම ප්‍රදර්ශනය කිරීම තුලින් ඔහුට නින්ජාවරුන්ගේ ඉහළම අවස්ථාවන්ට එළඹීමට හැකි වෙයි.

අද වනවිට ජපානයේ නින්ජාවරුන්ගෙන් පැවැත එන නින්ජිට්සු සටන් කලාව උගන්වනු ලබන පරම්පරා කිහිපයක් දක්නට ලැබේ.


ඔවුන්ට අදාල සමාජ ආචාර ධර්ම පිළිගැනීම්, අධ්‍යාත්මික ජීවිතය මතින් ගොඩනැගුණු මෙම උතුම් කලාව අන් සියළුම දෙයට වඩා ධනේෂ්වර සන්දර්භයක් තුළදී වන්නාසේ පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වී තිබේ.

සංස්කෘතියක් තුළ - මිනිස් ජීවිතය වූ දෙයක් වෙළඳපොලක් තුළ පාරිභෝගික භාණ්ඩයක් සේ ස්පර්ශ කිරීමේදී ඇති වන තත්වය - නින්ජිට්සු ඇඳුම්, ආයුධ, තරු, සපත්තු, ගමන් මළු තමන්ගේ ගෘහයන් සරසන දේ බවට පෙරලීමෙන් පෙනී යයි.

මේ කතාව ඇත්තනම්, මේ වීඩියෝ එකත් බලලා මේක ඔයාලගේ යාලුවන්ටත් කියන්න. ඔයාලා දන්න දේත් අපිට කියන්න.

Link to the video : http://www.youtube.com/watch?v=78xnmGWERCU&feature=player_embedded #!

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.







*මෙම ලිපිය 'පාරාදීසය' සඟරාවේ 1999 පෙබරවාරි මස පළවූ ලිපියකි.

Tuesday, April 24, 2012


Have you heard about MUD WRESTLING????



Mud wrestling

Mud wrestling is defined as physical confrontation (fighting, wrestling, etc.) that occurs in mud or a mud pit. The popular modern interpretation specifies that participants wrestle while wearing minimal clothing and usually going barefoot, with the emphasis on presenting an entertaining spectacle as opposed to physically injuring or debilitating the opponent to the point where they are unable to continue the match.

History

The first professional mud wrestling organization was formed in Akron, Ohio in the 1930's by Michael Wittrock and Tyler Carroll. The sport was created to distract the public from the fact he was illegally killing and exporting bears. The first women's match occurred there on 7 January 1938.

Watch this video as well : http://www.youtube.com/watch?v=4ZfPb6e7NeI

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee

~S.R.

Saturday, April 21, 2012


වූෂූ (චීන සටන් කලාව)
ප්‍රශ්නය: 
චීන සටන් කලාව යනු කුමක්ද?


පිළිතුර: 
චීන සටන් කලාව යනු ජීවිතයයි.මෙම වචනය ඇසෙත්ම ජීවිතය යනු කුමක්දැයි ඔබ ඇසීමට පුලුවන.කෙටිම පිළිතුර ශරීරය සහ සමාජය අතර සම්බන්ධය යන්නයි.


ප්‍රශ්නය:
චීන සටන් කලාව -ජීවිතය යන්නත්, ජීවිතය යනු ශරීරය සහ සමාජය අතර සම්බන්ධය යන්නත් ඔබ සංසදයේ නිර්වචනයක් විය හැකියි.එය වඩා පැහැදිලි කලොත්;


පිළිතුර:
චීන සටන් කලාව චීනයේ සිට ලංකාවට එනවා. චීන සමාජයේ ජීවිතයේ පාරම්පරික අංගයක් වන මෙය ලාංකීය සමාජය තුලද පාරම්පරික භාණ්ඩයක් බවට (Consumer goods) පෙරලෙනවා. මෙය ව්‍යාපාරික කටයුත්තක් බවට පෙරලෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මිනිස් ජීවිතයත් එක්ක සිද්ධ වෙච්චි වර්ධනයන්ගේ විකිණීමට හැකි ප්‍රදර්ශණාත්මක හෝ සන්දර්භයට නිෂ්පාදනය කරනු ලබන අර්ථයන් පමනක් ප්‍රමුඛ වෙන්න පටන් ගන්නවා. සටන් කලාව ලෙස සමාජය හඳුනා ගන්නේ මේ තත්වයන්.


ප්‍රශ්නය:
ජීවිතය නව ආකාරයකට නිර්මාණය කර ගැනීමේ හැකියාව ලබා ගැනීමට චීන සටන් කලාව උදව් කර ගන්නේ කෙසේද?


පිළිතුර:
චීන සටන් කලාව මිනිසා පරිසරය සමඟත්, සමාජය සමඟත් දීර්ඝකාලීනව සිදු කල සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක්. මේ සම්බන්ධය (Relation) නිසා උපන් දක්ෂතා නිර්මාණශීලී පරම්පරාවකට තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට මෙම දක්ෂතා යොදා ගන්න පුලුවන්.


ප්‍රශ්නය:
මෙම දක්ෂතා වල ස්වරූපය පැහැදිලි කිරීමක් කෙරුවොත්;


පිළිතුර:
මෙය පටන් ගැනීම ආරම්භක ලක්ෂයක් ලෙස ශරීරය
තුලින් සිදු කරමු.

Go through this links :

http://www.flickr.com/photos/shorinryu/7100987355/lightbox/

http://www.flickr.com/photos/shorinryu/6954917862/lightbox/

ඉහත රූපසටහන්වලට අනුව සිතමු. ශරීරය සැකසී ඇති දෘෂ්‍යමාන සංඝටක (අස්ථි, රුධිරය, මාංශ පේශි) මූලිකව ගොඩනැඟිය යුතුය. ශරීරය සැකසී ඇති අදෘෂශ්‍යමාන සංඝටක (Qi - අභ්‍යන්තර ශක්තිය-මෙය විවිධ අයුරින් නිර්වචනය කරනු ලැබේ.) ඒ සමඟම ගොඩ නඟනු ලැබේ. (සෑමශරීරයකම -ඉන්ද්‍රියකම මෙම දෘෂ්‍යමාන - අදෘෂ්‍යමාන ස්වරූපය පවතී. එය මිනිස් ඉන්ද්‍රියය පද්ධතියට සාපේක්ෂ වේ. )


මෙතෙක් එය ගොඩ නැගී ඇති තත්වය තුල (චිත්ත ශක්තිය) නම් ස්වභාවය පවතී. එය යී ගොන්ග් - Yi Gong හෙවත් භාවනාව (Meditation) මගින් වර්ධනය කළ හැක. එම වර්ධිත ස්වභාවය (මිනිස් කායික ස්වරූපය) බාහිරය සමඟ (සමාජය හා පරිසරය) සිදු කරනු ලබන සම්බන්ධය මහ එයට මඟ පෙන්වීම (චීන සටන් කලා දර්ශනය) Zhen හෙවත් ආත්මීය ස්වරූපය වේ. මෙය පුහුණුව - දර්ශනය තුල වර්ධනය කල යුතු වේ. මෙය ජීවිතයයි.

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee

~S.R.

Wednesday, April 18, 2012


මේ ආර්ට් එක ගැන අහල තියේද????
Have you heard about this martial system????

'ප්ලාතා'
PLATHA

මේ වගේ VIDEOS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT VIDEO!!!

SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

දැනුවත් කිරීම/Guiding : සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර/Sifu Premil Naveendra
පල කිරීම/Posting : ශෝරින්-රියු/Shorin-Ryu

මොකක්ද ඔයාලගේ කැමතිම සටන් කලාව???
What is your favorite martial art???

විශ්ව සටන් සම්ප්‍රදායන්(Universal Martial Arts)

*අංගම්පොර(Angampora)
*ඉන්දියානු බොක්ෂින්(Indian Boxing)
*මුයේ-තායි(Muay-Thai)
*ශාවෝලිං-ෂු(Shaolin-Shu)
*මොන්ගෝලියන් රෙස්ලින්(Mongolian Wrestling)
*බටහිර රෙස්ලින්(Western Wrestling)
*ටර්කිෂ්(Turkish)
*අයි-චි-වින්ග්(I-Chi-Wing)
*ෂියන්-ෂු-වින්ග්(Shiyan-Shu-Wing)
*හංග්(Hang)
*තායි-කියෝකු-කෙන්(Thai-Kyoku-Ken)
*රියෝකු කේන්(Ryuko Kane)
*ෂවින්-ගෙන්(Shavin-Gen)
*හුආවි-උආන්(Huavi-Uan)
*ටෝන්ගායි-නූන්(Toungai-Noon)
*වින්ග්චුන්(Wing Chun)
*බුටෝෂාන්(Butoshan)
*තායිචි-චුආන්(Thaichi-Chuan)
*තායිවාන් කෙම්පෝ(Taiwan Kempo)
*චයිනීස් කෙම්පෝ(Chinese Kempo)
*කොරියන් කෙම්පෝ(Korean Kempo)
*ෂෝ-ඌ පු(Sho-u Pu)
*චුආන්-පා(Chuan-Paa)
*කුන්ග්-ෆු(Kung-Fu)
*සෝවියට් සම්බෝ(Soviet Sambo)
*අයිකිඩෝ(Ikido)
*පරන්ඩෝ(Parando)
*කෙන්ඩෝ(Kendo)
*රෝකු-ෂාකු බෝ(Roku-Shaku Bo)
*ටායික් වෝන්ඩු(Taekwondo)
*චීනාඩි(Chinadi)
*ජුකාඩෝ(Jukado)
*බුෂිඩො(Bushido)
*ජිට්-කුණේ-ඩො(Jeet-Kune-Do)
*ඔකිනාවා-ටේ(Okinava-Te)
*ෂුරි-ටේ(Shuri-Te)
*නාහා-ටේ(Naha-Te)
*ටෝමෝරි-ටේ(Tomori-Te)
*ලා-සවා-ටේ(La-Sava-Te)
*පට්(Pat)
*චියා-ඩ්-ටි(Chia-Ed-Ti)
*ජු-ජිට්සු(Ju-Jitsu)
*ටායි-ජිට්සු(Tai-Jitsu)
*අයි-කි-ජිට්සු(Ai-Ki-Jitsu)
*බෝ-ජිට්සු(Bo-Jitsu)
*චු-ආන්-ෂ(Chu-An-Sha)
*කොබායාෂි-රියු(Kobayashi-Ryu)
*ශෝරින්-රියු(Shorin-Ryu)
*ශිටෝ-රියු(Shito-Ryu)
*ගෝජු-රියු(Gojo-Ryu)
*ඌ-ඒවි-රියු(U-Evi-Ryu)
*ලියු(Lyu)
*වින්ග්-චුආන්-පායි(Wing-Chuan-Pai)
*චෝයි-ලි-පට්-පායි(Choi-Li-Pat-Pai)
*හන්ග්-පට්-පායි(Hang-Pat-Pai)
*බැක්-හොක්-පායි(Bak-Hawk-Pai)
*ටොන්ග්-ලොන්ග්-පායි(Tong-Long-Pai)
*ටෙකෝයි(Tekoi)
*විෂායි(Wishai)
*ෂුමෝ(Sumo)
*මෝ(Mo)
*ග්ලීමා(Gleema)
*ඉලංගම්(Ilangam)
*ශුකු(Shuku)
*චාකුරිකි(Chakuriki)
*පෙන්ට් ජැක්(Pent Jack)
*ජුඩෝ(Judo)
*යවාරා(Yavara)
*පාකු-ආ(Paku-A)
*ශිලෙලා(Shilela)
*ලි(Li)
*පෙන්ෂින්(Penshin)
*චි එන් ෂු-ඒ(Chi En Shu-E)
*වර්මාඩි(Warmadi)
*ලේඩි(Lady)
*පෙක් බුව්(Pek Buv)
*කරාතේ(Karate)
*බරිටිට්සු(Barititsu)
*කපුවේරා(Capoeira)
*සීලාට්(Silat)
*බොකාටර්(Bokator)
*වෙස්ටර්න් බොක්සින්(Western Boxing)
*වෙස්ටර්න් කික්-බොක්සින්(Western Kick-Boxing)
*ජෙන්ඩෝ(Jendo)
*ෆිලිපිනෝ බොක්සින්(Filipino Boxing)
*කාලි(Kali)
*එස්ක්‍රිමා(Eskrima)
*නින්ජුත්සු(Ninjutsu)
*ක්‍රාව්මාගා(Kravmaga)
*පැන්ග්‍රේෂන්(Pangrateion)
*එම්.එම්.ඒ. ඇමරිකාස් එක්ස්ට්‍රීම් ෆයිටින්ග්(M.M.A. Americas Extreme Fighting)
*බ්‍රසීලියානු ජු-ජුත්සු(Brazilian Ju-Jitsu)
*අඩිතාඩ(Adithada)
*මල්ලායුද්ධ(Mallauddha)
*කලරිප්පායිට්ටු(Kalarippayittu)
*වජ්‍රාමුෂ්ටි(Vajramushti)
*ශිරායාන් වජ්‍රාමුත්ති(Shirayan Vajramuththi)
*ලති(Lathi)
*ගට්කා(Gatka)
*පෙහ්ලවි(Pehlav)
*කුෂ්ටි(Kushti)
*සිලම්බම්(Silambam)
*මැරීන් කෝප් මාෂල් ආර්ට්ස්(Marine Corp Martial Arts)

****************මීට අමතරව ලොව තවත් අප්‍රසිද්ධ සටන් ක්‍රම ඇත. ඇතැම් ඒවා ඒවාහි නිර්මාතෘවරයා සමගම වැළලී ගොස් ඇත.**********

*****There are some unpopular martial arts in the world. Some martial systems has passed away with its founders.*********

ශ්‍රී ලංකාවෙන් බිහි වුනු අප්‍රසිද්ධ සටන් ශෛලියන් කීපයක්...
Some unpopular martial systems in Sri Lanka....

*සම්මා මුෂ්ටි(Samma Mushti)
*ජිට් කුන්-කෙන්ඩෝ(Jeet Kun-Kendo)
*සේනක'ස් ජිට් කුන් ඩො(Senaka's Jeet Kune Do)
*මරු නිල අඩි(Maru Nila Adi)
*යෝගා බූදෝ(Yoga Budo)
*ෆෙයි කුන් ඩො(Fei Kune Do)

*******ඉහත දක්වා ඇති ලැයිස්තුවට අමතරව තවත් ඔබ දන්නා සටන් කලාවන් මෙහි සදහන් කරන්න.********

*******If you know some extra martial arts of above list, please write it here!********

*******මෙම ලිපියේ සියලු හිමිකම ශෝරින්-රියු ඇවිරිණි!********
******Shorin-Ryu has all rights reserved in this post!*******

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee

Tuesday, February 28, 2012


වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu


අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.
වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.
අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.
වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.
වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.
යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.
විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.
ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.
කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.
සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.
It’s just dawned on me!
This Broken Sword’s scroll isn’t about sword technique
but about swordsmanship’s ultimate ideal
…..
Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart
The swordsman is at peace with the rest of the world!
 Grand master Yip Man plays with Muk-Jong.
 Other Wu-Shu styles.



Wing Chun POWER.

 Chi-Sao drill by Grand master Yip Man and legendary Chun POWER. ultimate fighter Sijo Jun Fan Lee (Bruce Lee).

 The theme idea of Wing Chun Kung Fu.

 The direct student of G.M. Yip Man called G.M. William Chun.








Mini-documentary of 'WING CHUN: the Legacy of Ip Man'







Wing Chun-techniques demonstration video 


* මෙම ලිපියේ කතෘ අයිතිය  http://www.chamiladealwis.com/wing-chun-simple-kung-fu/ සතු වන අතර මෙහි ඇති සමහර කරුණු අප යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. කණ්ඩායමේ මතයන් හා පරස්පර විරෝධී විය හැක. නමුදු, මෙය මෙතෙක් 

වින්ග් චුන්

 සටන්කලාව පිළිබද අන්තර්ජාලයේ පල වූ හොදම ලිපිය වන නිසා අප මෙම ලිපිය අප බ්ලොග් අඩවියේ පල කිරීමට තීරණය කරන ලදී.