Wednesday, January 16, 2013

ටයිකුවාන්ඩො

'ටයිකුවාන්ඩෝ' යනු ආත්මාරක්ෂාව පදනම් කරගත් නිරායුධ ප්‍රබල සටන් ක්‍රමයකි. කොරියානු සටන් කලාවක් වන මෙය පැවත එන්නේ එම රටේම පුරාණ යුධ සටන් ශිල්පයක් වූ 'ටේක්යොන්' නම් සටන් කලාවෙන්ය. 

'Tae' යනු 'පැනීමෙන් හෝ පියාසැරිය මඟින් පාදය මඟින් පහරදීම හෝ විනාශ කර දැමීමයි.' 'Kwon' යනු 'නිදහස් අත හෝ මුෂ්ටිය මඟින් යමක් විනාශ කරදැමීමයි.' 'Do' යනු 'එම ක්‍රියාවලිය කළහැකි මාර්ගයයි.' මෙම සටන් කලාවේ ප්‍රධාන නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ  'චෝයි හොන්ග් හයි' මැතිතුමායි.

 'ටයිකුවාන්ඩෝ' ප්‍රහාරක සටන් කලාවකි. වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ 'පා පහරේ පරාසය' පිළිබඳවයි. එනමුත් මෙය හුදු පා පහරේ පරාසයම පමණක් පදනම් කරගත් සටන් කලාවක් නොවේ. උක්ත අර්ථ දැක්වීමට අනුව 'ටයිකුවාන්ඩෝ' හි 'අත් පහරේ පරාසය' ද අඩංගු වේ.

මෙම සටන් කලාව තුල  ශාරීරික හා මානසික සුභසාධනය මැනවින් අන්තර්ගත වී ඇත. ඒවා පහත පරිදි කෙටියෙන් විග්‍රහ කල හැකිය.

1. ශාරීරිකව - සටන් කලා ශිල්පියාට හොඳ සමායෝජනයක් වර්ධනය කරගත හැකිවීම, කායබලය වර්ධනය කරගැනීමට හැකිවීම, නම්‍යශීලීභාවය ඉහල නංවා ගැනීමට හැකිවීම, කන්තුකවාහිනී තත්වාරෝපණය දියුණු කරගත හැකිවීම. මේ කියන්නා වූ සියලු ශාරීරික පුහුණුවීම් තුලින් ඕනෑම අයෙකුට ශක්තිමත් ශරීරයක් ලබාගත හැකි වේ.
2. මානසිකව - ආත්ම-විශ්වාසයක් ගොඩනැංවීම, යහපත් තීරණ ගැනීම වර්ධනය කරගත හැකිවීම සහ ස්වයං පාලනය දියුණු කරගත හැකිවීම.

අනෙකුත්  සියලු සටන් කලාවන් මෙන්ම 'ටයිකුවන්ඩෝ' සටන් කලාවේද ප්‍රධාන අරමුණ සමාජයට යහපත් හා පරිපූර්ණ පුරවැසියෙකු බිහි කරවීමයි!

මේ  වීඩියෝ එකත් බලන්න!

Visit our older posts >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

Tuesday, January 8, 2013

හන්ග්-ගාර් (ටයිගර් ස්ටයිල් කුන්ග්-ෆු)

වසර ගණනක් ශාඔලින් ආරාමය තුල රහසිගතව පැවතුනු දේවදාර වෘක්ෂයක් වැනි කුන්ග්-ෆු සාමාන්‍යය ජනයා අතරට පැමිණියේ ව්‍යුක්තවය. ඒ අතරින් පැමිණි ප්‍රධානතම ශයිලියක් ලෙස 'හන්ග්-ගාර්' හෙවත් ටයිගර් ස්ටයිල් (ව්‍යාග්‍ර ශයිලිය) හැඳින්විය හැකිය.

දකුණු චීන රළු සටන් කලා ගනයට අයත් මෙම ශයිලියේ ඉතිහාස කතාව ඉතා රසවත්ය.

ශාඕලින් කුන්ග්-ෆු සාමාන්‍යය ජනයා අතර ව්‍යාප්ත කරවීමට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ ශාඕලින් ආරාමයේ විසු සෙන් භික්ෂුවක් වූ 'ජී සිං' ය. උන්වහන්සේ තෝරාගත් සිසුන් පස්දෙනෙකුට පමණක් සිය ඉගැන්වීම් දෙන ලදී. එම සිසුන් පස් දෙනා වන්නේ පිළිවෙලින් හන්ග් හෙයි-ගන්, චෝයි ගව් ලී, මොක් ඩා සි, ලෝ සෑම්-න්ගන් සහ ලි යව් සෑන් ය. පසුකලෙක චීනයේ දකුණු ශාඕලින් පංච සටන් ශයිලීන්වල සුප්‍රසිද්ධ නිර්මාතෘවරයන් වන්නේ මොවුන් පස් දෙනාය.

ඒ අනුව 'හන්ග්-ගාර්' හෙවත් ව්‍යාග්‍ර ශයිලියේ නිර්මාතෘවරයා වන්නේ 'හන්ග් හෙයි-ගන්' ය. උක්ත පංච කුන්ග්-ෆු ශයිලීන් පැවතගෙන එන්නේ ඒ ඒ සටන් ශයිලීන්වල නිර්මාතෘවරුන්ගේ පරම්පරාවලිනි. ඒ අනුව ව්‍යාග්‍ර ශයිලිය උරුම පරම්පරාව 'හන්ග්' පරම්පරාව නිසා මෙම ශයිලිය 'හන්ග්-ගාර්' ලෙස හඳුන්වයි. තවද මෙම ශයිලිය 'හන්ග්-කුඑන්' ලෙසද, හඳුන්වයි. එහි තේරුම වන්නේ 'අපරිමිත මුෂ්ටිය' යන්නයි.

සැබවින්ම මෙම කුන්ග්-ෆු ශයිලිය නිර්මාණය වී ඇත්තේ ව්‍යාග්‍රයාගේ හැසිරීම්, ඉරියව් හා ඔහුගේ සටන් ශයිලය පාදක කොටගෙනයි. එම නිසා මෙම සටන් ශයිලිය තුල ශාරීරික ශක්තිය උපරිම ලෙස යොදාගනී. වෙනත් සටන් ශයිලීන් මෙන් නොව මෙම සටන් ශයිලියේ ඇඟිලි තුඩුවලින් පටන් පා ඇඟිලි තුඩු දක්වාම අධික පදම් කිරීමක් සිදු කරයි. එමෙන්ම මෙම ශයිලිය තුල මාරාන්තික නිල ශාස්ත්‍රයද නො අඩුව අන්තර්ගත වී ඇත.

ව්‍යාග්‍රයා ගොදුරකට පහර දෙන කල්හි ගොදුරට පහර දෙන ස්ථානය නොබලයි. එනම්, ව්‍යග්‍රයා ගොදුරක් පසුපස හඹා යන විට ඌ ට හසුවන ඕනෑම ස්ථානයකට දරුණු ප්‍රහාරයක් එල්ල කර එතැන් පටන් ගොදුර අඩපණ කොට මරණයට පත් කරයි. මෙම සටන් ශිල්පයේද එසේමය. සටනකදී මෙම සටන් ශයිලියේ සටන් කරුවෙකු ප්‍රතිවාදියාගේ කුමන ස්ථානයකට ප්‍රහාරක් එල්ල කරත් ප්‍රතිවාදියා එම ප්‍රහාරය වැලකුවත් ඔහුට ඉතා දරුණු හානියක් අත්කර දෙයි.

'හන්ග්-ගාර්' යනු පංච ශාඕලින් ශයිලීන් වලින් බිහිසුණුතම සටන් ක්‍රමය ලෙස හැඳින්විය හැකිය. නිවැරදිව 'හන්ග්-ගාර්' පුරුදු පුහුණු කල අයෙකුට මහා දේවදාර ගසකට සිය ඇඟිලි තුඩුවලින් පහර දී එහි කඳෙන් කොටසක් ගලවා ගත හැකිය.

Watch this video as well!

Visit our older posts >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

Monday, January 7, 2013

එම්.එම්.ඒ. (M.M.A.)

එම්.එම්.ඒ. නැතහොත් මික්ස්ඩ් මාර්ෂල් ආර්ට්ස් යනු කරාතේ, කුන්ග්-ෆු, ජු-ජිට්සු, බොක්සින්, ටයිකුවාන්ඩො හා මුඒ-තායි වැනි තවත් එක් සටන් කලාවක් නොව විවිධ සටන් කලා සම්මිශ්‍රණය වීමෙන් සෑදුනු සටන් ක්‍රීඩාවකි.

අද ලෝකයේ ජනප්‍රියතම සහ වැඩිම ලාභයක් ලබන සටන් ක්‍රීඩාව නම් ඒ එම්.එම්.ඒ. ය. එනමුත් මෙහි ඉතිහාසය එතරම් දීර්ඝ නොවේ.

මෙම ක්‍රීඩාව සඳහා 'මික්ස්ඩ් මාර්ෂල් ආර්ට්ස්' නැතහොත් එම්.එම්.ඒ. (M.M.A.) යන නාමය යෝජනා කරන ලද්දේ වර්ෂ 1995 දී 'රික් බ්ලම්' විසිනි. එනමුත් එම්.එම්.ඒ. හි පියා ලෙස සැලකෙන්නේ වෙනකවුරුන්වත් නොව ලෝක ප්‍රකට 'බ්රූස් ලීය'.

සාක්ෂි >>>> http://www.youtube.com/watch?v=u2m3U25Qj7U

ඒ කෙසේ නමුත් 'මික්ස්ඩ් මාර්ෂල් ආර්ට්ස්' යනු 'ජිට් කුන්-ඩො' නොවන බව මෙහිදී කිවයුතුය!

එම්.ඒ.ඒ. හි නිජබිම ලෙස සැලකෙන්නේ ඇමරිකාවයි. එම්.එම්.ඒ. අඩිපාරේ ගිය ඊට ප්‍රථමයෙන් තිබූ ක්‍රීඩාවන් ලෙස ප්‍රාග් ඔලිම්පික් ක්‍රීඩා ආරම්භක අවධියේ තිබූ පෑන්ක්රේෂන්, 20 වන සියවසේ වේල් ටුඩෝ සහ ජපානයේ වැඩිම ආදායමක් ලැබූ 'පෑන්ක්රේස්' ක්‍රීඩාව දැක්විය හැකිය. මේවයින් සමහරක් අදද දක්නට ලැබෙන අතර නූතන එම්.ඒ.ඒ. හි තරඟ රාමුව නිර්මාණය කිරීමට මේවායෙහි ආභාශයද ලබාගෙන ඇත!

එම්.ඒ.ඒ. යනු තදින් පහරදීමේ සටන් ක්‍රීඩාවක් වන අතර සිටගෙන හෝ භූමියේ සිට පහරදීම, පොරබැදීම වලංගු වේ.

එම්.ඒ.ඒ. ක්‍රීඩාවේ එහි ඇති රාමුව අනුව ලොව ඕනෑම සටන් කලාවක් භාවිතා කල නොහැක! උදාහරණ වශයෙන් ගතහොත් වින්ග් චුන් කුන්ග්-ෆු, ජිට් කුවාන්ඩෝ, ක්‍රාව්-මාගා හා අයිකිඩෝ වැනි සටන් කලා මෙම ක්‍රීඩාවට යොදාගත නොහැකි වන්නේ එම සටන් කලාවන්හි ඇති ක්‍රම උපායන් බොහොමයක් එම්.එම්.ඒ. ක්‍රීඩා රාමුවට අනුව නීති විරෝධී වීමයි.

එම්.එම්.ඒ. ක්‍රීඩකයෙකුට අනිවාර්යයෙන්ම සිටගෙන සටන් කිරීම සහ භූමි සටන් ක්‍රම පිළිබඳව හොඳ පුහුණුවක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් එම්.එම්.ඒ. ක්‍රීඩාවේ අඩංගු ප්‍රධාන සටන් කලා ලෙස සැලකෙන්නේ බොක්සින්, මුඒ-තායි සහ බ්‍රසීලියන් ජු-ජිට්සු යන ඒවායි.

Watch this video as well >>>  http://www.youtube.com/watch?v=PttvTpDIENY