Tuesday, January 8, 2013

හන්ග්-ගාර් (ටයිගර් ස්ටයිල් කුන්ග්-ෆු)


වසර ගණනක් ශාඔලින් ආරාමය තුල රහසිගතව පැවතුනු දේවදාර වෘක්ෂයක් වැනි කුන්ග්-ෆු සාමාන්‍යය ජනයා අතරට පැමිණියේ ව්‍යුක්තවය. ඒ අතරින් පැමිණි ප්‍රධානතම ශයිලියක් ලෙස 'හන්ග්-ගාර්' හෙවත් ටයිගර් ස්ටයිල් (ව්‍යාග්‍ර ශයිලිය) හැඳින්විය හැකිය.

දකුණු චීන රළු සටන් කලා ගනයට අයත් මෙම ශයිලියේ ඉතිහාස කතාව ඉතා රසවත්ය.

ශාඕලින් කුන්ග්-ෆු සාමාන්‍යය ජනයා අතර ව්‍යාප්ත කරවීමට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ ශාඕලින් ආරාමයේ විසු සෙන් භික්ෂුවක් වූ 'ජී සිං' ය. උන්වහන්සේ තෝරාගත් සිසුන් පස්දෙනෙකුට පමණක් සිය ඉගැන්වීම් දෙන ලදී. එම සිසුන් පස් දෙනා වන්නේ පිළිවෙලින් හන්ග් හෙයි-ගන්, චෝයි ගව් ලී, මොක් ඩා සි, ලෝ සෑම්-න්ගන් සහ ලි යව් සෑන් ය. පසුකලෙක චීනයේ දකුණු ශාඕලින් පංච සටන් ශයිලීන්වල සුප්‍රසිද්ධ නිර්මාතෘවරයන් වන්නේ මොවුන් පස් දෙනාය.

ඒ අනුව 'හන්ග්-ගාර්' හෙවත් ව්‍යාග්‍ර ශයිලියේ නිර්මාතෘවරයා වන්නේ 'හන්ග් හෙයි-ගන්' ය. උක්ත පංච කුන්ග්-ෆු ශයිලීන් පැවතගෙන එන්නේ ඒ ඒ සටන් ශයිලීන්වල නිර්මාතෘවරුන්ගේ පරම්පරාවලිනි. ඒ අනුව ව්‍යාග්‍ර ශයිලිය උරුම පරම්පරාව 'හන්ග්' පරම්පරාව නිසා මෙම ශයිලිය 'හන්ග්-ගාර්' ලෙස හඳුන්වයි. තවද මෙම ශයිලිය 'හන්ග්-කුඑන්' ලෙසද, හඳුන්වයි. එහි තේරුම වන්නේ 'අපරිමිත මුෂ්ටිය' යන්නයි.

සැබවින්ම මෙම කුන්ග්-ෆු ශයිලිය නිර්මාණය වී ඇත්තේ ව්‍යාග්‍රයාගේ හැසිරීම්, ඉරියව් හා ඔහුගේ සටන් ශයිලය පාදක කොටගෙනයි. එම නිසා මෙම සටන් ශයිලිය තුල ශාරීරික ශක්තිය උපරිම ලෙස යොදාගනී. වෙනත් සටන් ශයිලීන් මෙන් නොව මෙම සටන් ශයිලියේ ඇඟිලි තුඩුවලින් පටන් පා ඇඟිලි තුඩු දක්වාම අධික පදම් කිරීමක් සිදු කරයි. එමෙන්ම මෙම ශයිලිය තුල මාරාන්තික නිල ශාස්ත්‍රයද නො අඩුව අන්තර්ගත වී ඇත.

ව්‍යාග්‍රයා ගොදුරකට පහර දෙන කල්හි ගොදුරට පහර දෙන ස්ථානය නොබලයි. එනම්, ව්‍යග්‍රයා ගොදුරක් පසුපස හඹා යන විට ඌ ට හසුවන ඕනෑම ස්ථානයකට දරුණු ප්‍රහාරයක් එල්ල කර එතැන් පටන් ගොදුර අඩපණ කොට මරණයට පත් කරයි. මෙම සටන් ශිල්පයේද එසේමය. සටනකදී මෙම සටන් ශයිලියේ සටන් කරුවෙකු ප්‍රතිවාදියාගේ කුමන ස්ථානයකට ප්‍රහාරක් එල්ල කරත් ප්‍රතිවාදියා එම ප්‍රහාරය වැලකුවත් ඔහුට ඉතා දරුණු හානියක් අත්කර දෙයි.

'හන්ග්-ගාර්' යනු පංච ශාඕලින් ශයිලීන් වලින් බිහිසුණුතම සටන් ක්‍රමය ලෙස හැඳින්විය හැකිය. නිවැරදිව 'හන්ග්-ගාර්' පුරුදු පුහුණු කල අයෙකුට මහා දේවදාර ගසකට සිය ඇඟිලි තුඩුවලින් පහර දී එහි කඳෙන් කොටසක් ගලවා ගත හැකිය.

Watch this video as well!

Visit our older posts >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

No comments:

Post a Comment