Wednesday, January 16, 2013

ටයිකුවාන්ඩො

'ටයිකුවාන්ඩෝ' යනු ආත්මාරක්ෂාව පදනම් කරගත් නිරායුධ ප්‍රබල සටන් ක්‍රමයකි. කොරියානු සටන් කලාවක් වන මෙය පැවත එන්නේ එම රටේම පුරාණ යුධ සටන් ශිල්පයක් වූ 'ටේක්යොන්' නම් සටන් කලාවෙන්ය. 

'Tae' යනු 'පැනීමෙන් හෝ පියාසැරිය මඟින් පාදය මඟින් පහරදීම හෝ විනාශ කර දැමීමයි.' 'Kwon' යනු 'නිදහස් අත හෝ මුෂ්ටිය මඟින් යමක් විනාශ කරදැමීමයි.' 'Do' යනු 'එම ක්‍රියාවලිය කළහැකි මාර්ගයයි.' මෙම සටන් කලාවේ ප්‍රධාන නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ  'චෝයි හොන්ග් හයි' මැතිතුමායි.

 'ටයිකුවාන්ඩෝ' ප්‍රහාරක සටන් කලාවකි. වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ 'පා පහරේ පරාසය' පිළිබඳවයි. එනමුත් මෙය හුදු පා පහරේ පරාසයම පමණක් පදනම් කරගත් සටන් කලාවක් නොවේ. උක්ත අර්ථ දැක්වීමට අනුව 'ටයිකුවාන්ඩෝ' හි 'අත් පහරේ පරාසය' ද අඩංගු වේ.

මෙම සටන් කලාව තුල  ශාරීරික හා මානසික සුභසාධනය මැනවින් අන්තර්ගත වී ඇත. ඒවා පහත පරිදි කෙටියෙන් විග්‍රහ කල හැකිය.

1. ශාරීරිකව - සටන් කලා ශිල්පියාට හොඳ සමායෝජනයක් වර්ධනය කරගත හැකිවීම, කායබලය වර්ධනය කරගැනීමට හැකිවීම, නම්‍යශීලීභාවය ඉහල නංවා ගැනීමට හැකිවීම, කන්තුකවාහිනී තත්වාරෝපණය දියුණු කරගත හැකිවීම. මේ කියන්නා වූ සියලු ශාරීරික පුහුණුවීම් තුලින් ඕනෑම අයෙකුට ශක්තිමත් ශරීරයක් ලබාගත හැකි වේ.
2. මානසිකව - ආත්ම-විශ්වාසයක් ගොඩනැංවීම, යහපත් තීරණ ගැනීම වර්ධනය කරගත හැකිවීම සහ ස්වයං පාලනය දියුණු කරගත හැකිවීම.

අනෙකුත්  සියලු සටන් කලාවන් මෙන්ම 'ටයිකුවන්ඩෝ' සටන් කලාවේද ප්‍රධාන අරමුණ සමාජයට යහපත් හා පරිපූර්ණ පුරවැසියෙකු බිහි කරවීමයි!

මේ  වීඩියෝ එකත් බලන්න!



Visit our older posts >>>> http://thetruthbehindthemartialart.blogspot.com/

****************************************************
මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වන යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

No comments:

Post a Comment