Sunday, April 29, 2012

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.


නින්ජිට්සු



නිෂ්ශබ්දතාවයෙන් යුතු පරිසරයකට යන්න. විශාල ශබ්දයන් අතහරින්න. ඉතා සියුම් ශබ්ද වලට සවන් දෙන්න. කුඩා පළඟැටියන්, කුඩා කෘමීන් දහස් ගණනකගේ හඬ ඔබට ඇසෙන්නට පටන් ගනීවි. ශබ්ද දහසක හඬක් ඔබේ මනස උත්පාදනය කරාවි. ඉතා සියුම් ශබ්දයක් ඈතින් එන අයකුගේ කුඩා ශබ්දයක්, ඈතින් එන අයෙකුගේ කුඩා ශබ්දයක්, පිය සටහනක් ඔබේ මනසින් අවබෝධ කරාවි. දුර ප්‍රමාණය, පුද්ගලයාගේ ස්වභාවය, එය ඔබට උගන්වාවි.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.........

නිශ්චල ප්‍රදේශයක අර්ධ පද්මාසනයෙන් වාඩිවෙන්න. මනස නිශ්චල කරගන්න. මුළු ශරීරයෙන්ම සුළඟේ වෙනස් වීමට සංවේදී වන්න. එතාම සුළු සුළඟේ වෙනස් වීමක් පවා ඔබ දකින්නට පටන් ගනීවි. ඉතාම කුඩා සුළං අංශුවකටත් සංවේදී වන ඔබේ මනස ඔබව නින්ජාවරුන්ගේ ලෝකයට කැඳවාගන යාවි. ඉතාම සුළු වායු අංශුවක් සමඟ ඔබේ දිවිය පුහුණු කරන්නේ නම් ඈතින් සුලං කපාගෙන එන පිහියක්, ඊයක් අල්වා ගැනීම, ඉවත්වීම සිදුවේවි.

මේ නින්ජාවරුන්ගේ ලෝකයයි.........


ජපානයේ සුප්‍රසිද්ධ සටන් කලාවක් ලෙස ගැනෙන නින්ජිට්සු කලාවේ ආරම්භය වනුයේ ජපානයට පැමිණි චීන අනාථයින් ය. තැන් තැන් වල කුලීකරුවන් සේ ජපාන ප්‍රභූ පන්තියට යටත්ව විවිධ වාසස්ථාන පිහිටුවා ගත් ඔවුන්ට ජීවත් වීම උදෙසා විවිධ ක්‍රියාකාරකම් කිරීමට සිදුවිණි. චීන සටන් කලාවේ (වූෂු නැතහොත් කුංග්ෆූ - Wushu or Kungfu) හි දක්ෂයන් ද මෙම අනාථයින් අතර විය. ජපානයේ විවිධ පෙදෙස් වල චීන අනාථයින් සිටින ස්ථාන බිහි විය.



සුප්‍රසිද්ධ ජපන් සමුරායිවරුන් ජපාන සමාජය තුළ රණකාමීත්වයේ
ආධිපත්‍යය දැරීය. ඉහළට දැමූ පිදුරු මිටියක් බිමට වැටුනේ කැබලි කිහිපයකට වෙන් වෙමිනි. තමන් විසින්ම නිර්මාණය කර බල පිහිට වූ සමුරායි කඩුව (Samurai Sword) මතට උඩ සිට අතහරිනු ලැබූ සිල්ක් රෙද්දක් කැපී වෙන් වීම ඇවැසි විය. මෙවන් කඩුවක් අතදැරූ සමුරායිවරුන් සමඟ සටන් කිරීම ඉතාම අනතුරුදායක ක්‍රියාවක් විය. සමුරායිවරුන්ගේ කඩුව එළියට ඇදුනේ ලේ නොගෑ‍වී ආපසු නොදැමෙන අයුරිනි.





ආදී ජපන් ප්‍රභූවරුන්ට මෙම සමුරායිවරු සමඟ ඇති වූ ගැටුම් වලදී සටන් කිරීමට චීන අනාථයින් කුලියට ගැනීමට අවශ්‍ය විය. මෙම කුලියට ගැනීමට සිටි චීන අනාථයා චීන සටන් කලාවේ දක්ෂයෙකු පමණක් නොව අනුන්ගේ දේශයක් සැඟවී සටන් කරන්නෙකු බවට පත් විය. එසේම රණකාමී පරිසරයක් විසූ ඔවුනට සතුරෝ බොහෝ වූහ. සැඟවී සිට පහර දීම-ප්‍රධාන සටන් ක්‍රියාමාර්ගය විය. සටන් කලාවේ (Martial Art) ගරිල්ලා සටන් කලාව (Guerrilla Martial Art) ලෙස නින්ජිට්සු හැඳින්විය හැකි ය.

හඳුනාගත නොහැකි-ඇස් පමණක් දෘෂ්‍යමාන වන ඇඳුම, ශරීරය පුරා රඳවා ඇති තරු, කිනිසි, කාසි, විෂ පෙවූ පිහි, දුම් බෝම්බ, ලණු කැරළි, ගස් නැඟීමේ උපකරණ, තාප්ප බිඳ දැමීමේ උපකරණ,ගංගා තරණය කිරීමේ උපකරණ, ආහාර ආදී බොහෝ දෙයින් සමන්විත විය.

අඳුර වැටීමත් සමඟ ක්‍රියාත්මක වීම, ශබ්දය වෙනුවට නිහඬබව පාවිච්චි කරීම, සමුරායිවරුන්ගේ මුහුණට මුහුණ ලා සටන් කිරීම වෙනුවට සැඟවී-ප්‍රතිවාදියා නොදැන විනාශ කිරීම නින්ජාවරුන්ගේ ප්‍රධාන මාර්ගය විය.



නින්ජාවරයෙකු බවට පත් කරනු ලබන අයෙකු කුඩා කල සිටම එයට පුහුණු කරනු ලැබේ.



1. ස්වභාවික පරිසරයේ හැඩතල අධ්‍යනය කිරීම සහ එහි හැඩතල වලට අනුව ශරීරයේ ඉරියව් සැකසීම මත නොපෙනී යාම.

2. කුඩා දරුවා ඉපදී ටික කලකට පසු ගසක අත්තක එල්වා තබනු ලැබේ. දරුවාට තම අත් වලින් පැය ගණනක් නිහඬව ගසක එල්ලී සිටීමට උගන්වනු ලැබේ. ගස් වල අතු අතර සෙමින් ගමන් කිරීමට ද ගසින් ගසට නිශ්චලව මාරුවීමට ද, ගසෙහි දෙපයින් එල්ලී ආයුධ පාවිච්චි කිරීමට ද, ගසෙහි යට සිට ඉහළට උඩු අතට ගස් නැගීමට ද උගන්වනු ලැබේ.

3. පිදුරු වලින් සෑදු තොප්පියක් පපුවට තබාගන සෙමින් දිවයාමට (Silent Running) පුහුණු කරවනු ලැබේ. ඇඟිලි තුඩු වලිනි දිව යන මෙම දිවීමෙදී ඉදිරියෙන් එන සුළං පහරින් පිදුරු තොප්පිය බිම නොවැටිය යුතු වෙයි. සටනකින් පසු මෙසේ නිහඬව සැතපුම් 20 ක් පමණ දිවයාම නින්ජාවරුන්ගේ පුහුණුවකි.

4. මනස ඉතා කුඩා දේවල් සමඟ පුහුණු කිරීම - වායු අංශු - කුඩා ශබ්ද සමඟ පුහුණු කිරීම ඉතාම කුඩා කල සිට හුරු කරවනු ලබේ. මෙය සාමාන්‍ය මිනිසෙකු නොලබන අධි සංවේදීතාවයකි.

5. ස්වසන අභ්‍යාස (Qing Qigong) මගින් වඩා ඉහළ පැනීමේ හැකියාව - තාප්ප මතට, වහලවල් මතට පැනීමේ හැකියාව කුඩා කල සිට පුහුණු කරවනු ලැබේ. මේ සදහා ඌරු ලේ සහ විෂ නැසූ ඊයම් පතුරු භාවිතා කරනු ලබන අතර අති දුෂ්කර ව්‍යායාමයකි.

6. නින්ජාවරුන්ගේ කඩුව - චීන චීන කඩුවට වඩා වෙනස්ව හසුරුවනු ලැබේ. විවිධ ආයුධ හැසිරවීම - අති මහත් ප්‍රවේගයකින් කාසි දමා ගැසීම - සුළං පිඹීම මගින් විෂ කැවූ පිහි සිය ගණනක් ප්‍රවේශ කිරීම - දුම් බෝම්බයත් සමග ආයුධ හැසිරවීම, නොපෙනී යාම ඒවා අතර වෙයි.

7. පොළොව මත විවිධ ආකාරයෙන් ගමන් කිරීම් - කරණම් ගැසීම් - (මකුළුවාගේ ගමන, වඳුරාගේ ගමන, මාළුවාගේ ගමන) හුරු කරවනු ලබයි. විවිධ රේඛාවන් මත දෑත් ස්පර්ශ නොවන සේ ඉතා කුඩා - ලිහිල් දේවල් මතින් කරණම් ගැසීමද හුරු කරවනු ලැබේ.

8. දරා ගැනීමේ හැකියාව - ස්වසනය රහිතව බොහෝ වෙලාවක් සිටීම - පොළොව යට කැපූ වලවල් තුළ සිටීම - කුඩා කල සිටම ජලයෙහි මාළුවෙකුගේ සේ සජීවීව ශාරීරික පුහුණුව ලබා දීම සිදු කරනු ලබයි.





මෙසේ බොහෝ දුෂ්කර ක්‍රියාවලියක් වන නින්ජාවරුන් පිළිබඳ විවිධ ජනප්‍රවාද බිහි වී තිබේ. එමෙන්ම නූතනයේ චිත්‍රපට කර්මාන්තය තුළ නින්ජාවරයා අපරාධ කරුවන්ගේ ගණයට ඇතුළත්ව තිබේ.

ජපානයේ තිබූ තාඕ දහම (Daoist Doctrine), ෂින්ටෝ නැතහොත් විවිධ ආගම් මෙම නින්ජිට්සු කලාවට බලපාන ලදී. අධ්‍යාත්මික වශයෙන් විශ්වයීය ස්වරූපය තුළ (Universal Nature) තම දිවිය පුහුණු කරවීම සිදු කෙරිණි.

නින්ජාවරුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සිදුවෙයි. මෙම ප්‍රදර්ශනය කිරීම තුලින් ඔහුට නින්ජාවරුන්ගේ ඉහළම අවස්ථාවන්ට එළඹීමට හැකි වෙයි.

අද වනවිට ජපානයේ නින්ජාවරුන්ගෙන් පැවැත එන නින්ජිට්සු සටන් කලාව උගන්වනු ලබන පරම්පරා කිහිපයක් දක්නට ලැබේ.


ඔවුන්ට අදාල සමාජ ආචාර ධර්ම පිළිගැනීම්, අධ්‍යාත්මික ජීවිතය මතින් ගොඩනැගුණු මෙම උතුම් කලාව අන් සියළුම දෙයට වඩා ධනේෂ්වර සන්දර්භයක් තුළදී වන්නාසේ පාරිභෝගික භාණ්ඩයක් බවට පත්වී තිබේ.

සංස්කෘතියක් තුළ - මිනිස් ජීවිතය වූ දෙයක් වෙළඳපොලක් තුළ පාරිභෝගික භාණ්ඩයක් සේ ස්පර්ශ කිරීමේදී ඇති වන තත්වය - නින්ජිට්සු ඇඳුම්, ආයුධ, තරු, සපත්තු, ගමන් මළු තමන්ගේ ගෘහයන් සරසන දේ බවට පෙරලීමෙන් පෙනී යයි.

මේ කතාව ඇත්තනම්, මේ වීඩියෝ එකත් බලලා මේක ඔයාලගේ යාලුවන්ටත් කියන්න. ඔයාලා දන්න දේත් අපිට කියන්න.

Link to the video : http://www.youtube.com/watch?v=78xnmGWERCU&feature=player_embedded #!

ඔයාලා ගාවත් වටිනා අදහස් තියෙනවනම් අපිට එවන්න!
E-mail : truemartialart@gmail.com

COMMENT, SHARE AND LIKE US!!!!
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

Visit our other sites as well....
Our blog site : http://thetruthbehindthemartialart.blogspot.com/ 
Our YouTube channel : http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee 

HAVE A NICE DAY!!!!!!!
~S.R.







*මෙම ලිපිය 'පාරාදීසය' සඟරාවේ 1999 පෙබරවාරි මස පළවූ ලිපියකි.

No comments:

Post a Comment