Wednesday, February 22, 2012

චීනඩි නොහොත් 'කුපාඩි සෙල්ලම'

චීනඩි සටන්කලාව චීනයෙන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත. බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය. මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ. ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්‍රයකි. එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් වේ. 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ. එමනිසා පැරණ්නන් විසින් 'කුපාඩීන් ගේ සෙල්ලම', 'කුපාඩි සෙල්ලම' ලෙසද මෙය හැඳින්වූහ.
චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ඵනම් අඩි හා පුඩි වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) අඩි වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) පුඩි වශයෙනුත්ය. තවද, චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් "වෛතියාර්" යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය "චීනඩි කොටුව" නමිනුත් හඳුන්වනු ලබයි.

මෙම ශාස්ත්‍රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි. මෙය "ගෝදාවක් දැමීම" යනුවෙන් හඳුන්වයි. මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය.

අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්‍රයේ දක්ෂයන් ලෙස දැක්වේ. එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත.



Reference : http://www.elakiri.com/forum/showthread.php?t=650574&page=9


No comments:

Post a Comment