Wednesday, May 9, 2012

ආයුබෝවන් ඔයාල හැමෝටම!!!

ඔන්න එහෙනම් මම යන්තම් වේලාව හොයාගත්ත ඔයාලට මම දුන්න පොරොන්දුව ඉටු කරන්න. මේක කියවන්නත් කලින් මේ පින්තූරේ දැක්කම ඔයාලගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා නේද? මුන් නිකන් බැලුම් බෝල වගේ ඔලුවෙන් හිටගෙන පාවෙනවා නේද?? ඔයාල දැන් හිතනවා ඇති එහෙනම් මේක මේ එඩිට් කොරපු පින්තූරයක් කියල. නෑ නෑ... මේක ඔරිජිනල් එකක්. මේ තමයි 'කපුවේරා' සටන් කලාවේ මහිමය.

හුගක් උදවිය මේ කපුවේරා සටන් කලාව ගැන උනන්දු වෙන්නේ ටෝනි ජා රඟන 'Protector' film එකේ ටෝනි ජා සහ ලතීෆ් ක්‍රව්ඩර් අතර පන්සලේදී පැවති සටනෙන් පස්සේ. මතකය අවදි කොරගන්න එහෙනම් මේකෙත් බලල ඊට පස්සේ ආයේ කියවන්න ගන්නකො....

Link to the video : http://www.youtube.com/watch?v=WK53_rSOjEw

මේක බලපු හුගක් උදවිය කිව්වේ ලතීෆ් ගහගන්නේ හිප් හොප් ඩාන්සින් වලින් කියල. ලතීෆ් එකේ ජාගෙන් කෑවට මිනිහ ජාටත් වඩා වැඩර් කියල තවත් උදවිය කිව්වා. හුගක් අය දණිස්ස උස්සල, වැලමිටෙන් ගහල ටෝනි ජාව කොපි කරත් ලතීෆ් කොපි කරන්නවත් කාටවත් බැරි උනා. කොහොම නමුත් පස්සේ කස්ටිය දැනගත්ත ලතීෆ් ගහගන්නේ හිප් හොප් ඩාන්සින් වල උත්පත්තියට පවා හේතු වන කපුවේරා සටන් කලාවෙන් බව. අද ඔය හුගක් දෙනා 'බී බෝයි' කියල හිප් හොප් කියල බල්ටි දෙක තුනක් ගැහුවට එයාල උනත් දන්නේ නෑ හිප් හොප් ඩාන්සින්වල ඇරබුම කොතනද කියල. ඔන්න එහෙනම් දැන් රියල් හිප් හොප් ඩාන්ස් එකකුත් බලන්නකෝ.

Link to the video :http://www.youtube.com/watch?v=37pwbUp8t1I

නමුත් ඔයාලට කියන්න ඕනේ මේ 'බී බෝයි හිප් හොප් ඩාන්සින්' කියන්නේ සටන් කලාවක් නොවන බව. කිසිදු ලෙසවත් එය සටන් කලාවක අභිලාශ ඉටු කරගන්න භාවිතා කරන්න බෑ. නමුත් කපුවේරා වලින්  'බී බෝයි හිප් හොප් ඩාන්සින්'  බිහි වෙන්නේ හරියට නිකන් ඔකිනාවා කරාතේ වලින් ස්පෝර්ට් කරාටේ වෙන් උනා වගේ තමයි. මීට අමතරව සම්බා, සුම්බා, රම්බා වගේ නර්තන කලාවන් බිහි වෙන්නෙත් 'කපුවේරා' සටන් කලාව ආශ්‍රයෙන්.

Link to the videos : http://www.youtube.com/watch?v=DUT5rEU6pqM
                                   http://www.youtube.com/watch?v=hekOeiA29qg&feature=related
                                   http://www.youtube.com/watch?v=1G1AkJ-97ng
                                   http://www.youtube.com/watch?v=slfr9uwzLOM

දැන් ඔයාලට මේ වීඩියෝස් බලනකොට තේරෙන්න ඇති මේ නර්තන කලාවන් අනුරාගය අවුස්සන සුළු බව. ඒ අනුව බලන කල්හි කපුවේරා සහ එයින් නිර්මාණය වුණු නර්තන කලාවන් නිකන් අහසට පොලොව වගේ. මොකද මං එහෙම කියන්නේ 'කපුවේරා' සටන් ශිල්පීන් එම සටන් ශිල්පය හදාරන්නේ ඉතාමත් පූජනීයව. ඔවුන් ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම සදහා 'රොඩා' කියල එකක් කරනවා.

Link to the video : http://www.youtube.com/watch?v=jkf0M2GQANU&feature=related

කපුවේරා ශිල්පීන් මෙම රොඩාවට ඒ සදහාම සුවිශේෂිත වූ සංගීතයක් යොදාගන්නවා. අද හුගක් නයිට්ස් ක්ලබ්ස්වල ඒ සින්දු රීමික්ස් කොරල හිටන් මොකක්ද කැඩිච්ච කඩියෝ වගේ නැටුවට සැබෑ කපුවේරා ශිල්පීන් ඔවුන්ගේ රොඩා නැටුමට අවශ්‍යය ජවය ලබා ගන්නේ එම සංගීතයෙන්.

Link to the video : http://www.youtube.com/watch?v=fsPNbvHIql0

ඔන්න ඔය වීඩියෝ එක ඇවිල්ල බොහොම ඉස්සර කා අතරත් ජනප්‍රිය වුණු කපුවේරා චිත්‍රපටයක් වන 'ඔන්ලි ද ස්ට්‍රොන්ග්' එකෙන් තමා. අදටත් ඔයාල ඒක බැලුවොත් ඔයාලට කපුවේරා ගැන මාර කික් එකක් එයි. ඔයාල හිතන්න පුළුවන් ඒ කැමරා ට්‍රික්ස් කියල. නමුත් මේ වීඩියෝ එකත් බැලුවහම ඔයාලට තේරෙයි සැබෑ කපුවේරා සටන් ශිල්පීන් ඉදිරියේ කැමරා පවා හොල්මන් වෙන බව.

Link to the video : http://www.youtube.com/watch?v=Z8xxgFpK-NM

 කවුරුහරි මගෙන් ඇහුවොත් ලෝකයේ ලස්සනම මාර්ෂල් ආර්ට් එක මොකක්ද කියල මම දෙන උත්තරේ තමයි ඒ 'කපුවේරා'. නමුත් කපුවේරා කොච්චර ලස්සන උනත් ඒ ලස්සන පිටිපස්සේ විශාල මාරාන්තික බවක් ගැබ්වී තිබෙනවා.

Link to the video : http://www.youtube.com/watch?v=Gw4EoWi5QSM

මේ වීඩියෝ එක අනුව ලොව HIGHEST RATIO KICK එක, එහෙමත් නැත්නම් විශාලතම අනුපාතික පා පහර ඇති සටන් කලාවේ ගෞරවය හිමි වන්නේ කපුවේරා වලට. මේකේ ඉන්න කපුවේරා ෆයිටර් ඇවිල්ල 'ලතීෆ් ක්‍රව්ඩර්' ට අවුරුදු විසි පහකටත් වඩා තම සටන් කලාවේ අත්දැකීම් තියෙනවා. දැනට ප්‍රසිද්ධියට පත්වූවන්ගෙන් ලොව දක්ෂතම කපුවේරා ෆයිටර් තමයි මෙයා.

'කපුවේරා' සටන් කලාවේ ප්‍රධාන වශයෙන් කික්ස් ගැන කතා කරත් එම සටන් කලාවේ අත් පහරවල්, සහ ආයුධ සටන් ගැන කතා වෙනවා. කපුවේරා සටන් කලාවේ පාද හුවමාරු ක්‍රමය හදුන්වන්නේ 'ජින්ගා' නමින්. එය කපුවේරා වලටම පමණක් ආවේනික වන අතර එය ලොව අනෙකුත් කිසිදු සටන් කලාවක දක්නට ලැබෙන්නේ නෑ.

දැන් අපි පොඩ්ඩක් බලමු කපුවේරා වල ඉතිහාසය ගැන.

ඉංගිරිසියෙන් 'Capoeiraකියල තමයි ලියන්නේ. නමුත් ඕක අපි සිංහලෙන් කියන කොට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 'කපුවේරා' කියල. තවත් සමහරු ඕකට 'කපේරා' කියලත් කියනවා. ඒත් ඉතින් බලාන ගියාම ඕකට ඉතින් ඇත්තටම කියන්න ඕනේ 'කැ‍පොයිරා' කියල තමයි ඉතින්. ඒකේ තේරුම ඇවිල්ල DANCE OF WAR ඒ කියන්නේ 'යුධ නර්තනය' කියන එක. මේ ආර්ට් එකේ නිජබිම ඇවිල්ල බ්‍රසීලය. මේ සටන් කලාව නර්තනය සහ සංගීතය සමග බැඳිලයි පවතින්නේ. මේ සටන් කලාව පැවත එන්නේ අප්‍රිකානු වහලුන්ගෙන් සහ බ්‍රසීලියානු වැසියන්ගේ ආභාෂයෙන්. ඉතිහාසයේ සාක්ෂි අනුව මෙම සටන් කලාවේ ආරම්භය දහසය වන සියවස දක්වාම දිවයනවා. මෙම සටන් කලාවේ ප්‍රධාන ලක්ෂණ තමයි වෙඩි වගේ විවිධ පිනුම්, පැනුම්, කරණම් වැනි  සංකීර්ණ චලන අඩංගු වීම. ඒ වගේම තමයි මේකේ ප්‍රධාන මුලධර්ම තමයි ජවය, වේගය සහ පහර දීම, පහර වැලකීම සහ පාද හුවමාරුව සඳහා  උත්තෝලනය යෙදීමෙන් ලැබෙන බලය ප්‍රයෝජනය ගැනීම. (මේ උත්තෝලනය ප්‍රධාන වශයෙන්ම ලබාගන්නේ 'ජින්ගා' වලිනි.)

මෙම සටන් කලාවේ එල්ලය ඇවිත් පා පහරවල්, මුෂ්ටි පහරවල්, කනේ පහරවල්, හිසෙන් පහරදීම්, කරණම් ගැසීම්, වෙට්ටු දැමීම්, දණහිස්/වැලමිටි පහරවල් හා  බිම වැට්ටීම් යන එව්වා තමයි.

කැපොයිරාවල නිර්මාතෘවරයා විදියට පිළිගන්නේ 'මෙස්ට්‍රේ බිම්බා' කියල පුද්ගලයෙක්. 'මෙස්ට්‍රේ' කියන්නේ බ්‍රසීලියානු භාෂාවෙන් 'මාස්ටර්', 'ගුරුතුමා' කියන එකට. එයා උපත ලබන්නේ 1899. නමුත් ඊට කලින් 1825 දී 'Johann Moritz Rugendas' චිත්‍ර ශිල්පියා ඇඳපු චිත්‍රයක 'කැපොයිරා' සටනක් නිරූපනය කරලා තියෙනවා.

පසුකාලීනව බිහිවුණු ප්‍රසිද්ධ දක්ෂ කැපොයිරා ෆයිට්‍ර්සලා තමයි

João Grande
João Pereira dos Santos (Mestre João Pequeno)
Anderson Silva
Lateef Crowder
Eddy Gordo 

වගේ අය. ඔයාල හොදට බැලුවොත් පේනවා දැන් UFC MMA RING එක හොල්ලන් ඉන්න Anderson Silva ත් ඇවිත් නොම්බර එකේ කැපොයිරා ෆයිට්ර් කෙනෙක් කියල. මේක දැන් දැනගත්ත MMA උඩදාගෙන, HIGH KICKS ARE NOT EFFECTIVE IN A REAL FIGHT SITUATION කියල කියාගන්න පොල් අඩි ෆයිටර්ස්ලට තරු විසික් වෙන්න ඇති නේද? මට එහෙම අයට කියන්න තියෙන්න මෙච්චරයි. මෙහෙම කියලත් මං කියන දේ නොපිළිගන්න උදවිය ඉන්නවනම් කරුණාකරලා මාත් එක්ක වාද කොර කොර, අන්තිමේට ඒ වාදයෙන් පැරදිලා මට චැලේන්ජ් කොරන් නැතුව ගොහින් රියල් කපුවේරාකාරයෙක් එක්ක හැප්පිලා බලහන්කො මොකද වෙන්නේ කියල. තමන්ට දෙයක් බැරි උන පලියට ඒක හරි නෑ කියන එක කොයිතරම් කැත වැඩක්ද? මං ඒ කාලේ කුන්ග් ෆු ක්ලාස් යන කාලේ කකුල් දෙකෙන්ම උඩ පැනලා ගුවනේ ඩබල් කික් එකක් ගහන්න පුළුවන් උනේ මට විතරයි මුළු ක්ලාස් එකෙන්ම. අදටත් මං ඒක ගහනවා. නමුත් එදා ඒ කික් එක ගහපු වෙලාවේ මාත් එක්ක හිටපු මගේ සමගාමී සීනියර් උන්නැහේ කිව්වා 'ඔව්වා ඇත්ත ෆයිට් එකේදී දාන්න බෑ බං' කියල. ඕක  ඉතින් මගේ ඔලුවේ දිගටම වැඩ කොරා. අරුත් අරෙහෙම කීවට මගෙන් ටෙක්නික් එක අහගත්තා. නමුත් ඒක එදා ඌට කොරන්න බැරි උනා. මූ පස්සේ ගෙදර ගොහින් ඒක දිගට හරහට ප්‍රැක්ටිස් කොරල මෙන්න යකෝ ග්‍රේඩින්ග් එක දවසේ ඒක මටත් වඩා හොදට ගැහුවා. මම ඉතින් ගොනා වගේ උගේ කීම අහල ඒ කික් එක මගේ ඔලුවෙන් අයින් කොරපු නිසාදෝ කරුමෙටම මට එදා ඒ කික් එක ගහගන්න බැරි උනා. අනිත් උන්ටත් පුදුමයි ඒක දැකල. නමුත් එදා මං හොද පාඩමක් ඉගෙන ගත්ත. ඒ මොකක්ද දන්නවද? මේ සටන් කලාව ඇතුලෙත් කුහක හැත්ත ඉන්නවා කියල. එක බත්පත බෙදාගෙන කාලා ප්‍රැක්ටිස් කොරන යාලුව උනත් ඌට බැරි දෙයක් කරොත් ඒක අගය කොරන්නේ නෑ. වැඩක් නෑ, හරි නෑ කියල අරව මෙව්වා කියනවා. නමුත් ඌට එව්වා පුළුවන් දාට එව්වා තම සුපිරිම. ලොවෙත් නෑ නෙහ්??? ඕන් ඔන්න එදායින් පස්සේ මං මාස්ටර් දෙයක් (සටන් කලාව හා සම්බන්ධ) එපා කිව්වත් ඒ දේ මට ෆීල් වෙනවනම් මං ඒක ප්‍රැක්ටිස් කරන්න, යූස් කරන්න පටන් ගත්ත. දැනටත් මම එහෙමයි. ඕන කෙනෙක්ට ඕන දෙයක් DEMONSTRATE  කොරල පුළුවන් යම් ටෙක්නික් එකක අඩු පාඩු පෙන්වල දෙන්න. හයි කික්ස් වල අඩු පාඩු උනත් එහෙම DEMONSTRATE කොරල පෙන්වන්න පුළුවන්. නමුත් ඇත්ත සටනේදී ඔය කතාව වෙනස් වෙනවා. වරක් මිරාන් සර් මට කිව්වා 'මාර්ෂල් ආර්ට් එකේ ඇඩ්වාන්ස් කියල දෙයක් නෑ, තමන් දන්න ටික හරියට ප්‍රැක්ටිස් කරන්න' කියල. මටත් ඔයාලට කියන්න තියෙන්නේ එච්චරයි. කවුරු මොනා කිව්වත්, අඩුම තරමේ තමාගේ මාස්ටර් උනත් මොනවා කිව්වත් යම් මාර්ෂල් ටෙක්නික් එකක් ඔයාට ෆීල් වෙනවනම් ඒ දේ හරි. ඒක නොනවත්වා දිගින් දිගටම පුහුණු වෙන්න.

ඔන්න බලන්නකෝ MMA කාරයෙක් Capoeira කාරයෙක්ගෙන් නස්පුක් වෙන්න කන කෑම.


හොඳි ඕන් නෑ නෙහ්??? :D

මොනවා උනත් අනෙක් බොහොමයක් සටන් කලාවන් වගේම Capoeira කියන්නෙත් RING SPORT එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න ඕනේ හරිය??? එවක අප්‍රිකානු ජාතිකයන් මෙම සටන් ක්‍රමය යොදා ගත්තේ තමන්ට දිගින් දිගටම ආ ගැහැටවලින් බේරීම සඳහා. බොහෝ විට Capoeira සටන්කරුවන් දෙදෙනෙක් සටන් වැදුණු අවස්ථාවලදී එම සටන් කෙළවර වුනේ එක් අයෙකුගේ හෝ දෙදෙනාගේම මරණයෙන්. බොහෝ විට ඔවුන් එම සටන් සඳහා කෙටි කඩු යුගලයක්ද භාවිතා කර තිබෙනවා. මෙන්න මේ ONLY THE STRONG movie එවන් දරුණු සටනක් නැවත ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.


හොඳයි. දැන් මං මගේ මේ ලිපිය අවසාන කරන්න යන්නේ. ඊට කලින් දෙයක් කියන්න තියෙනවා. මගෙන් හුඟ දෙනෙක් අහනවා ලංකාවේ Capoeira කරන කෙනෙක් ඉන්නවනම් එයා ගැන සඳහනක් කරන්න කියල. ඇත්තවශයෙන්ම කියනවනම් ලංකාවේ Capoeira කරන කෙනෙක් ඉන්නවා. එයාගේ නම මට මතක නෑ. මම එයාව මුල්ම වතාවට දැක්කේ 'දෙරණ' රූපවාහිනී නාලිකාවෙන්. ඊට හුඟ කලකට පස්සේ පිට පිටම ITN එකේ විකාශනය වන 'වෙනස' වැඩසටහනෙනුත් දැක්ක. එයාලගෙන් අහල බැලුවොත් ඔයාලට එයා ගැන වැඩි විස්තරයක් දැනගන්න ලැබෙයි. නමුත් මට වගකියන්න බෑ එයා ගාව ඇත්ත Capoeira තියෙනවද? නැද්ද? කියල. ඒක ඉතින් ගිහිල්ලම බලන්න. යන්න කලින් ඒ සම්බන්ධ යම් විස්තරයක් වෙතොත් අපට දන්වන්න!

ඔන්න ඉතින් කපුවේරා සටන් කලාව සම්බන්ධයෙන් මුළු ලෝකයෙන්ම පළමු වතාවට හා දැනට එකම පලවන විස්තරාත්මක ලිපිය තමයි මං මේ ලියල ඉවරවෙන්නේ.. මේක මේ කියවනවා වගේ නෙමෙයි. ලියන එක පට්ට අමාරුයි. දින ගාණක් ගියා මේක ලියන්න මට. ඉතින් මේ තරම් දෙයක් කරපු මට මේකට අඩුම තරමේ ලයික්ස් පනහක්වත් වැටෙනවනම් මං ගොඩාක් සතුටු වෙනවා.

ජය ශ්‍රී!!!!


~Shorin-Ryu

*මෙම ලිපියේ සම්පූර්ණ කතෘ අයිතිය Shorin-Ryu (http://www.facebook.com/shorin.ryu2?ref=ts) වන මා සතු වන අතර මෙහි සදහන් සියලු කරුණුවල වගකීම 100% ක්ම මා සතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් අපගේ කණ්ඩායමේ අන් කිසිදු ඇඩ්මින්වරයෙකු වගකියනු නොලබයි. තවද, FB SHARING හැර වෙනත් කිසිදු අයුරකින් අනවසරයෙන් මෙම ලිපිය පලකිරීම සපුරා තහනම්ය!!!!

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!! 
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

VISIT OUR BLOG SITE AND YOUTUBE CHANNEL AS WELL!
http://thetruthbehindthemartialart.blogspot.com/
http://www.youtube.com/user/TheTruemartialart?feature=mhee

2 comments:

  1. බොහොම වැදගත් ලිපියක්..මේ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයන්ට එකතු කරන්න .වැඩි පාඨක පිරිසක් එයින් ග්‍රහණය කරගැනීමට ඔබට හැකියාව ලැබේවි...

    ReplyDelete